Skip to content

පටුනට යන්න

අන් අය අතර කැපීපෙනීම වැරදිද?

අන් අය අතර කැපීපෙනීම වැරදිද?

යොවුන් සිතේ ගැටලු

අන් අය අතර කැපීපෙනීම වැරදිද?

පහත සඳහන් වාක්‍ය සම්පූර්ණ කරන්න.

කැපීපෙනීම ________

1. සෑමවිටම හොඳයි

2. සමහර වෙලාවට හොඳයි

3. හොඳ නැහැ

නිවැරදි වන්නේ 2වෙනි පිළිතුරයි. යම් අවස්ථාවලදී අප කැපීපෙනෙන අය බවට පත් වෙනවා. උදාහරණයකට ක්‍රිස්තියානීන්ව බයිබලයේ හඳුන්වන්නේ ‘ජාතීන්ට ආලෝකයක්’ කියායි. ඒ නිසා මිනිසුන් ඔවුන් වෙතට ඇදී එන බවත් එහි සඳහන් වෙනවා. (යෙසායා 42:6; ක්‍රියා 13:47) ඒ අනුව බලද්දී අන් අය ඉදිරියේ කැපීපෙනීම සෑමවිටම වැරදි නැහැ.

ඔබ දැන සිටියාද? යේසුස් කුඩා කාලයේදීම ‘දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි හොඳ නමක් දිනාගෙන’ සිටියා. (ලූක් 2:52) වැඩිහිටියෙකු වූ පසුවත් ‘ගලීලයෙන්ද දෙකපොලිසයෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යොර්දාන් ගඟ එගොඩින්ද පැමිණි මහත් ජන සමූහයක් ඔහුගේ අනුගාමිකයන්’ වීමට කැමති වුණා කියා බයිබලයේ පවසනවා. එසේ බලද්දී යේසුස් අන් අය අතර කැපීපෙනුණා කියා කිව හැකියි.—මතෙව් 4:25.

එසේ කැපීපෙනීම වැරදිද? නැහැ. කිසිවිටක යේසුස් කැපීපෙනීමේ අරමුණෙන් කටයුතු කළේ නැහැ. ඔහු කැපීපෙනෙන පුද්ගලයෙක් වුණේ නිවැරදි දේ කළ නිසයි. (යොහන් 8:29, 30) ඒ වගේම මිනිසුන් වෙනස් වනසුලු නිසා ඔවුන්ගේ ප්‍රසාදය සෑමදාකම ලැබෙන්නේ නැති බවත් යම් දිනක මිනිසුන් අතින් තම මරණය සිදු වන බවත් ඔහු දැන සිටියා.—ලූක් 9:22.

මතක තබාගත යුතු දේ: අන් අයගේ ප්‍රසාදය ලබාගැනීම හරියට වටිනා වස්තුවක් වගෙයි. එහි වරදක් නැහැ. නමුත් ගැටලුව වන්නේ ඒ වෙනුවෙන්ම තමාගේ ජීවිතය කැප කිරීමයි.

අවවාදයක්! අන් අය අතර කැපීපෙනීමට යෞවනයන් ඕනෑම දෙයක් කිරීමට පෙලඹෙනවා. සමහර යෞවනයන් අන් අයගේ ප්‍රසාදය දිනාගැනීමට තම ජීවිත ගත කරන්නේ අන් අය කැමති ආකාරයටයි. තවත් සමහර යෞවනයන් චණ්ඩිකම් කිරීමෙන් අන් අය අතර ජනප්‍රිය වීමට උත්සාහ කරනවා. *

අන් අය අතර කැපීපෙනීමට සමහර අය එම ක්‍රම දෙක යොදාගන්නා ආකාරය දැන් අපි සලකා බලමු. ඒ වගේම කළ යුතු නිවැරදි දේ කුමක්ද කියාත් එහි පෙන්වා තිබෙනවා.

පිබිදෙව්! කලාපයේ පළ වන “යොවුන් සිතේ ගැටලු” යන ලිපි පෙළේ තවත් ලිපි අවශ්‍ය නම් www.isa4310.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[පාදසටහන]

^ 12 ඡේ. බයිබලයේද එවැනි අය ගැන සඳහන් වෙනවා. ඔවුන්ව හඳුන්වන්නේ ‘නෙෆිලිම්වරුන්’ කියායි. ඔවුන්ගේ ඉලක්කය වුණේ “කීර්තිමත්” අය ලෙස කැපීපෙනීමයි.—උත්පත්ති 6:4.

[16, 17යන පිටුවල කොටුව/පින්තූර]

කැපීපෙනීමට යොදාගන්නා ක්‍රම

අන් අයව සතුටු කිරීම

මට ඕනේ අනික් අය මාව පිළිගන්නවාටයි.

ඒ දේ ලබාගන්න එයාලා කරන දේ මමත් කරන්න ඕනේ.

“මට අනික් අයගේ පිළිගැනීම ලබාගන්න ඕනේ වුණ නිසා එයාලට ඕනේ විදිහට හැසිරුණා. මුලදී නම් ඒක එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් පස්සේ මට තේරුණා අනික් අයගේ පිළිගැනීම ලබාගන්න මගේ හැසිරීම වෙනස් කරන්නේ මොකටද කියලා.”—නිකෝල්.

බයිබල් ප්‍රතිපත්තිය: “වැඩිදෙනෙකුගේ කීම අසා වැරදි දේ නොකරන්න.”—නික්මයාම 23:2.

චණ්ඩිකම් කිරීම

හුඟක් අය මට කැමතියි. මට ඕනේ ඒ තැන රැකගන්න.

හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්න මම ඕනෙම දෙයක් කරනවා. ඒ වෙනුවෙන් වෙන කෙනෙකුට හානියක් කරන්න වුණත් ලෑස්තියි.

“චණ්ඩි ළමයි හරි ජනප්‍රියයි. අහිංසක ළමයි ඒ අය කියන ඕනෙම දෙයක් හරි කියලා හිතනවා.”—රාඛෙල්.

බයිබල් ප්‍රතිපත්තිය: “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.”—ලූක් 6:31.

නිවැරදි ක්‍රමය

1 දෙවිගේ ප්‍රමිති රැකගන්න. බයිබලයේ සඳහන් වන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අය “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී” සිටිනවා කියායි.—හෙබ්‍රෙව් 5:14.

2 ඔබේ විශ්වාසයන් රැකගන්න. බයිබලයේ සඳහන් වන යොෂුවා මෙන් කටයුතු කරන්න. ඔහු විශ්වාසයෙන් මෙසේ පැවසුවා. ‘ඔබ නමස්කාර කරන්නේ කාටද කියා අදම තීරණය කරන්න. මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.’—යොෂුවා 24:15.

3 ඔබ තෝරාගත් මාර්ගයේ ගමන් කිරීමට බිය නොවන්න. බයිබලයේ දෙන උපදෙස මෙයයි. “දෙවි තම බලය අපට ලබා දුන් විට අප තුළ ඇති වූයේ බියගුලුකමක් නොවේ. ඒ වෙනුවට මහත් ශක්තියක්.”—2 තිමෝති 1:7.

වම්පසින් ඇති කාරණා තුන අදාළ කරගැනීම නිසා ඔබ අන් අය අතරේ කැපීපෙනීම යම් දුරකට අඩු වුණත් අවංකකමට ප්‍රිය කරන අය ඔබව අගය කරයි!

[16, 17යන පිටුවල කොටුව/පින්තූර]

යෞවනයන් පවසන දේ

මෙලීසා—ඕනේ නම් ඔයාටත් අනිත් ළමයි වගේ හැසිරෙන්න පුළුවන්. ඒත් ඒකෙන් වැඩක් නැහැ. හැබැයි ක්‍රිස්තියානියෙක් වගේ හැසිරුණොත් ඔයාව කැපිලා පේනවා. ඒ කියන්නේ ඔයා අමුතු කෙනෙක් වෙනවා නෙමෙයි, අනික් අයට ඔයා ගැන හොඳ හැඟීමක් ඇති වෙනවා.

ඈෂ්ලි—ළමයි මාව කොන් කරනවා කියලා මට හිතුණා. ඒත් ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියාම මට ආදරේ කරන අයව ආශ්‍රය කරන්න ලැබෙනවා. එතකොට ඉස්කෝලේ ළමයි මාව කොන් කරනවා කියන එක අමතක වෙනවා.

ෆිලිප්—සිත් දිනාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අනික් අය ගැන සැලකිලිමත් වීම. ළඟදී ඉඳන් යාළුවන් වෙනුවෙන් මම පොඩි පොඩි දේවල් කරනවා. ඒ නිසා ඉස්සරට වඩා මම ඒ අයට ළං වෙලා.