Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“වර්ෂ 1862දී එංගලන්තයේ විවාහ ලියාපදිංචි කිරීමට ආරම්භ කිරීමත් සමඟම එංගලන්තයේ හා වේල්ස්හි විවාහ වීමේ සංඛ්‍යාව බෙහෙවින් අඩු වී තිබෙනවා.”—OFFICE FOR NATIONAL STATISTICS, BRITAIN.

එක්සත් ජනපදයේ ඊළඟ වසරේදී කුඩා පෞද්ගලික ආයතනවල සේවකයන් “එම ආයතනවලින් වටිනා භාණ්ඩ සොරකම් කරයි” කියා එම ආයතනවල විධායක නිලධාරීන් අඩක් පමණ විශ්වාස කරනවා.—REUTERS NEWS SERVICE, U.S.A.

චීනයේ කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවි වසා දැමීමට පියවර ගත්තා. ඉන් අවුරුද්දකට වඩා අඩු කාලයක් තුළදී “එවැනි වෙබ් අඩවි 60,000කටත් වඩා වසා දමා තිබෙන බව” කාමුක දර්ශන හා නීති විරෝධී ප්‍රකාශන සම්බන්ධයෙන් ක්‍රියා කරන ජාතික කාර්යාලය පවසනවා.—CHINA DAILY, CHINA.

“ලෝක ජනගහනයෙන් මිලියන 215කටත් වඩා වැඩි පිරිසක් එනම් මුළු ජනගහනයෙන් සියයට තුනක් ජීවත් වන්නේ තම මව්රටෙන් බැහැරවයි.”—UNITED NATIONS INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT, ITALY.

“සෑම දිනකම ඉන්දියාවේ දිවි නසාගන්නා ශිෂ්‍යයන් 19දෙනෙකුගෙන් හයදෙනෙක්ම එසේ කරන්නේ විභාග අසමත් වෙයි යන බිය නිසයි.”—INDIA TODAY INTERNATIONAL, INDIA.

සූදුවේ උප්පරවැට්ටි

ජර්මනියේ, සූදුවට ඇබ්බැහිවූවන්ගෙන් සූදුපොළට ලැබෙන ආදායම ඇබ්බැහි නොවූවන්ගෙන් ලැබෙන ආදායමට වඩා දස ගුණයකින් වැඩියි. සූදුපොළවල් පවත්වාගෙන යන අය පවසන්නේ ඔවුන්ගේ ප්‍රධාන පාරිභෝගිකයන් වන්නේ සූදුවට ඇබ්බැහිවූවන් කියායි. එවැනි පුද්ගලයන්ගෙන් හැකි තරම් මුදල් සූරාකෑම සඳහා එහි යන්ත්‍ර වේගවත්ව ක්‍රියා කිරීමට සලස්වා තිබෙනවා. යන්ත්‍ර වේගයෙන් ක්‍රියා කරන තරමට සූදුවේ නියැලෙන්න පෙලඹෙන වාර ගණනත් වැඩියි. ඒ නිසා වැය කරන මුදල් ප්‍රමාණයද වැඩියි.

වෙලාව අනුවයි විනිශ්චය ලැබෙන්නේ

සාධාරණ විනිශ්චයක් ලැබීමට බලපාන්නේ ඊට අදාළ තොරතුරු විතරද? නැහැ. ඊශ්‍රායෙලයේ විනිශ්චයකරුවන් විසින් වැරදිකරුවන් දහසකට පමණ පක්ෂව ලබා දුන් තීන්දු ගැන පර්යේෂකයන් පිරිසක් සොයා බැලුවා. ඔවුන් කළ අධ්‍යයනයෙන් පැහැදිලි වුණේ කෑම හෝ තේ සඳහා ගන්නා විවේකයෙන් පසු විනිසුරුවන් ලබා දෙන තීන්දු වැරදිකරුවන්ට පක්ෂව ලබා දෙන බවයි. ඉන්පසුව එය ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් ඊළඟ විවේකයෙන් පසුව නැවතත් වැරදිකරුවන්ට පක්ෂව විනිශ්චයක් ලැබෙන බවයි. නිවැරදි විනිශ්චයකට බලපාන්නේ නඩුවට අදාළ තොරතුරු පමණක් නොවන බව පැහැදිලියි.