Skip to content


බයිබල් සාකච්ඡාව

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’

බයිබල් සාකච්ඡාවකදී මේ වගේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.

  • ජීවිතේ නියම සතුට හොයාගන්න පුළුවන් කොහෙන්ද?

  • අපි මුහුණ දෙන දුක් කරදර කවදා හරි නැති වෙයිද?

  • මරණය නිසා වෙන් වුණ පවුලේ අයව, යාළුවන්ව ආයෙත් මුණගැහෙන්න පුළුවන් වෙයිද?

  • දෙවියන් ඇත්තටම මං ගැන සැලකිලිමත්ද?

  • දෙවියන් කැමති විදිහට යාච්ඤා කරන්න පුළුවන් කොහොමද?

මුදල් අය කරන්නේ නැහැ

බයිබල් පාඩමටවත් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ ප්‍රකාශනයටවත් අය කරන්නේ නැහැ. කැමති නම් බයිබලයක් ලබාගන්නත් පුළුවන්.

පහසුයි!

ඔයා කැමති වෙලාවක, කැමති තැනකට ඇවිත් නැත්නම් වීඩියෝ කොන්ෆරන්සිං හරහා වුණත් බයිබල් පාඩම කරන්න පුළුවන්.

බඳවාගැනීමක් නැහැ

පාඩම දිගටම කරනවාද, නැද්ද කියන තීරණය තියෙන්නේ ඔයාගේ අතේ.

බයිබල් පාඩමකදී වෙන්නේ මොනවාද?

ඔයාට බයිබලයේ තියෙන දේවල් ගැන උගන්වන කෙනා බයිබලයේ තියෙන තොරතුරු විෂයෙන් විෂය ඔයාට කියලා දෙයි. ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශනයෙන් බයිබල් පාඩමක් කරන්නේ සාකච්ඡාවක් විදිහට. බයිබලයේ තියෙන තොරතුරු ගැනත් ඒවා ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලත් ඒකෙන් ඔයාට දැනගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් හරි නිතර අසන ප්‍රශ්න කියන කොටසින් හරි තව තොරතුරු දැනගන්න ඔයාට පුළුවන්.

මුලින්ම සාකච්ඡා කරන්නේ මොනවාද?

මුල් පාඩම්වල තියෙන තොරතුරු ගැන දැනගන්න.

පටන්ගන්න ලෑස්තිද?

බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න ඔයාත් කැමති නම් පහත තියෙන බට්න් එක ක්ලික් කරන්න.