Skip to content

පටුනට යන්න

16වෙනි පාඩම

සහායක සේවකයන් කරන්නේ මොන වගේ සේවයක්ද?

සහායක සේවකයන් කරන්නේ මොන වගේ සේවයක්ද?

මියන්මාරය

රැස්වීමකදී

සේවා කණ්ඩායමක් එක්ක

නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරමින්

ක්‍රිස්තියානි ‘සභාව රැකබලා ගන්නා’ වැඩිමහල්ලන්ට අමතරව සභාවේ තියෙන වගකීම් ඉටු කරන්න “සහායක සේවකයන්” කියලා පිරිසකුත් ඉන්නවා. (ෆිලිප්පි 1:1) හුඟක් සභාවල වැඩිමහල්ලන් හා සහායක සේවකයන් කීපදෙනෙක් ඉන්නවා. සහායක සේවකයන් කරන්නේ මොන වගේ සේවයක්ද?

වැඩිමහල්ලන්ට සහාය වෙනවා. සහායක සේවකයන් හැටියට සේවය කරන අය තරුණ අය වුණත් මහලු අය වුණත් එයාලා දෙවිත් එක්ක කිට්ටු බැඳීමක් තියෙන, වගකීමෙන් වැඩ කරන, විශ්වාසවන්ත පුරුෂයන්. සභාවේ වැඩකටයුතු පිළිවෙළකට කරන්න එයාලා උපරිමයෙන් දායක වෙනවා. සභාවේ ඉන්න අයව රැකබලා ගෙන එයාලට බයිබලේ තියෙන දේවල් කියලා දෙන වැඩේට වැඩි අවධානයක් දෙන්න ඒ නිසා වැඩිමහල්ලන්ට පහසුයි.

සභාවේ වැඩවලට දායක වෙනවා. රැස්වීම්වලට එන අයව සාදරයෙන් පිළිගන්න එක සමහර සහායක සේවකයන්ට පැවරිලා තියෙන වගකීමක්. සභාවේ ශබ්ද විකාශනය බලාගන්න එක, සභාවේ අයට ඕන කරන පොත් පත් හා සඟරා දෙන එක, ගිණුම් වාර්තා හදන එක, දේශනා සේවයේ යන්න ඕන ප්‍රදේශ සභාවේ අයට වෙන් කරලා දෙන එක, නමස්කාර මධ්‍යස්ථානය නඩත්තු කරන එක වගේ වැඩත් සහායක සේවකයන් කරනවා. සමහර වෙලාවට සභාවේ ඉන්න මහලු අයට උපකාර කරන්න කියලත් වැඩිමහල්ලන් එයාලට කියන්න පුළුවන්. සහායක සේවකයන්ට මොන වගකීම ලැබුණත් එයාලා සතුටින් හා උනන්දුවෙන් ඒවා කරන නිසා එයාලා අපේ ගෞරවය ලබන්න වටිනවා.—1 තිමෝති 3:13.

එයාලා සභාවේ අයට හොඳ ආදර්ශයක්. සහායක සේවකයන් විදිහට සේවය කරන්න පත් කරන්නේ බයිබලේ තියෙන මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න උත්සාහ කරන පුරුෂයන්වයි. එයාලා දෙන කතාවලින්, සභාවේ ඉන්න අයව හවුල් කරගෙන කරන සාකච්ඡාවලින් අපේ විශ්වාසය ශක්තිමත් වෙනවා. දේවසේවයේ මූලිකත්වය අරගෙන එයාලා උනන්දුවෙන් සේවයේ හවුල් වෙද්දී ඒක අපිට ලොකු දිරිගැන්වීමක්. සහායක සේවකයන් වැඩිමහල්ලන් එක්ක හරිම සහයෝගයෙන් වැඩ කරන නිසා සභාවේ ප්‍රීතිය හා එකමුතුකම වැඩි වෙනවා. (එෆීස 4:16) සමහරවිට කාලයක් යද්දී මේ සහෝදරයනුත් වැඩිමහල්ලන් හැටියට සේවය කරන්න පුළුවන්.

  • සහායක සේවකයන් විදිහට සේවය කරන අය මොන වගේ අයද?

  • සභාවේ වැඩ පිළිවෙළකට වෙන්න සහායක සේවකයන් දායක වෙන්නේ කොහොමද?