Skip to content

පටුනට යන්න

දේවකැමැත්ත මොකද්ද?

දේවකැමැත්ත මොකද්ද?

දෙවි කැමති අපි සතුටින්, සාමයෙන් පොළොවේ හැමදාටම ජීවත් වෙනවාටයි.

අපිට කවදාවත් ඒ වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා ඔයා කල්පනා කරනවා ඇති. ඒත් බයිබලේ කියන්නේ දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී අපිට ඒ වගේ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලයි. ඒ රාජ්‍යය ගැනත් දේවකැමැත්ත ගැනත් හැමෝම දැනගන්නවට දෙවි කැමති ඒ නිසයි.—ගීතාවලිය 37:11, 29; යෙසායා 9:7.

දෙවි කැමති අපිට යහපතක් වෙනවා දකින්නයි.

හොඳ තාත්තා කෙනෙක් කැමති එයාගේ දරුවන් දුකක් කරදරයක් නැතුව හොඳින් ජීවත් වෙනවාටයි. ඒ වගේ යෙහෝවා දෙවිත් කැමති අපි දුකක් කරදරයක් නැතුව හැමදාටම සතුටින් ජීවත් වෙනවාටයි. (යෙසායා 48:17, 18) දෙවි බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වුණොත් අපිට හැමදාටම ජීවත් වෙන්න ලැබෙනවා කියලා දෙවි පොරොන්දු වෙලා තියෙන්නේ ඒ නිසයි.—1 යොහන් 2:17.

දෙවි කැමති ඔහු මඟ පෙන්වන විදිහට අපි ජීවත් වෙනවාටයි.

දෙවි මඟ පෙන්වන විදිහට ජීවත් වෙන්න අපි කරන්න ඕනේ මොනවාද කියලා දෙවි උගන්වනවා. (යෙසායා 2:2, 3) දෙවි විශේෂ සෙනඟක්ව තෝරගෙන ඒ අය මාර්ගයෙන් පොළොව පුරා ඉන්න මිනිසුන්ට දේවකැමැත්ත ගැන උගන්වනවා. දෙවි තෝරගෙන තියෙන ඒ සෙනඟ දෙවිගේ නම දරනවා.—ක්‍රියා 15:14.

දෙවි කැමති අපි එක්සත්ව ඔහුට නමස්කාර කරනවාටයි.

යෙහෝවා දෙවිට නමස්කාර කරන අය අතරේ ප්‍රේමය තියෙන නිසා බෙදීම් නැහැ. (යොහන් 13:35) පොළොව පුරා ඉන්න මිනිසුන්ට එක්සත්ව දෙවිට නමස්කාර කරන්න උගන්වන්නේ කොයි ආගමික කණ්ඩායමද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න මේ සඟරාව කියවන්න කියලා අපි උනන්දු කරන්න කැමතියි.