Skip to content

පටුනට යන්න

21වෙනි පාඩම

බෙතෙල් එක කියන්නේ මොකද්ද?

බෙතෙල් එක කියන්නේ මොකද්ද?

චිත්‍ර සම්පාදන අංශය, එක්සත් ජනපදය

ජර්මනිය

කෙන්යාව

කොලොම්බියාව

හුඟක් රටවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයක් තියෙනවා. ඒ කාර්යාලවලට තමයි ‘බෙතෙල්’ කියලා කියන්නේ. බෙතෙල් කියන්නේ හෙබ්‍රෙව් වචනයක්. ඒකේ තේරුම “දෙවිගේ ගෘහය” කියන එකයි. (උත්පත්ති 28:17, 19, පාදසටහන) එක එක රටවල තියෙන කාර්යාලවලින් තමයි ඒ රටේ නැත්නම් රටවල් කීපයක ශුභාරංචිය දේශනා කරන වැඩේ බලාගන්නේ. මේ කාර්යාලවලට මඟ පෙන්වීම් දෙන්නේ පාලක මණ්ඩලයේ සහෝදරයෝ ඉන්න, ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ තියෙන අපේ ප්‍රධාන කාර්යාලයෙනුයි. ඒ නිසා එක එක රටවල තියෙන කාර්යාල ප්‍රධාන කාර්යාලයේ ශාඛාවන් කියලා කියන්න පුළුවන්. හැම බෙතෙල් එකකම සේවය කරන අය හරියට එක පවුලක් වගේ. එයාලා වැඩ කරන්නේ, කෑම ගන්නේ, බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්නේ එකට. ඒ නිසා ඒ අයට බෙතෙල් පවුල කියලා කියනවා.—ගීතාවලිය 133:1.

කැමැත්තෙන්ම දෙවිට සේවය කරන අය ඉන්න තැනක්. හැම බෙතෙල් එකකම සේවය කරන අයගේ ආසාව දෙවිගේ කැමැත්තට මුල් තැන දීලා ශුභාරංචිය දේශනා කරන වැඩේ වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන්නයි. (මතෙව් 6:33) කිසිම කෙනෙක් එහේ වැඩ කරන්නේ පඩියකට නෙමෙයි. එයාලට ඉන්න පොඩි කාමරයක්, කෑම බීම, මූලික වියදම් පියවගන්න පොඩි දීමනාවක් ලැබෙනවා. බෙතෙල් එකේ සේවය කරන හැමෝටම කරන්න එක එක වැඩ තියෙනවා. කෑම උයන්න පිහන්න, පිරිසිදු කරන්න, රෙදි හෝදලා අයන් කරන්න, බෙතෙල් එක නඩත්තු කරන්න, පොත් පත් සඟරා මුද්‍රණය කරන්න, කාර්යාල වැඩ වගේ ගොඩක් වැඩ ඒකට අයිතියි.

ශුභාරංචිය දේශනා කරන වැඩේට සහයෝගය දෙන තැනක්. පුළුවන් තරම් දෙනෙක්ට බයිබලේ තියෙන සත්‍ය තොරතුරු දැනගන්න මඟ සලසන එක තමයි බෙතෙල් එකේ සිද්ධ වෙන ප්‍රධානම වැඩේ. මේ සඟරාව ඒකට හොඳ උදාහරණයක්. පාලක මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ මේක ලියලා, ලොව පුරා ඉන්න පරිවර්තන කණ්ඩායම්වලට යැව්වා. එයාලා ඒක ඒගොල්ලන්ගේ භාෂාවට පරිවර්තනය කළා. ඊටපස්සේ මේ සඟරාව මුද්‍රණය කළේ බෙතෙල් කීපයක තියෙන මුද්‍රණාලවලයි. මුද්‍රණය කරපු සඟරා ලොව පුරා 1,10,000කට වඩා වැඩියෙන් තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවලට යැව්වා. ඒකෙන් තේරෙනවා මේ කාලේ සිද්ධ වෙන වැදගත්ම වැඩේට ඒ කියන්නේ ශුභාරංචිය දේශනා කරන වැඩේට බෙතෙල් පවුලේ අය කොච්චර සහයෝගයක් දෙනවාද කියලා.—මාක් 13:10.

  • බෙතෙල්වල සේවය කරන්නේ කවුද? ඒ අයගේ අවශ්‍යතා බලාගන්නේ කොහොමද?

  • හැම බෙතෙල් එකක්ම සහාය වෙන්නේ මොන වැදගත් වැඩේ කරන්නද?