Skip to content

පටුනට යන්න

14වෙනි පාඩම

පුරෝගාමීන්ට තියෙන පාසැල් මොනවාද?

පුරෝගාමීන්ට තියෙන පාසැල් මොනවාද?

එක්සත් ජනපදය

ගිලියද් පාසැල, පැටසන්, නිව් යෝර්ක්

පැනමා

බයිබලය ගැන වැඩිදුර ඉගෙනගන්න එක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතරේ දකින්න තියෙන විශේෂ දෙයක්. දෙවිට කැප වෙලා පූර්ණකාලීනව සේවය කරන අයට ඉගෙනගන්න පාසැල් කිහිපයක්ම සැලසුම් කරලා තියෙනවා. “දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න” එයාලාට ඒ පාසැල් ලොකු උදව්වක්.—2 තිමෝති 4:5.

පුරෝගාමි පාසැල. ස්ථාවර පුරෝගාමි සේවය පටන් අරන් අවුරුද්දකට පස්සේ පුරෝගාමීන්ට මේ පාසැලට සහභාගි වෙන්න පුළුවන්. එයාලා ඉන්න තැනට කිට්ටුවෙන් තියෙන නමස්කාර මධ්‍යස්ථානයක දවස් හයක් පුරා මේ පාසැල පවත්වනවා. යෙහෝවා දෙවිට තවත් කිට්ටු වෙන්න, දේවසේවයට සම්බන්ධ හැම පැත්තක්ම තව දියුණු කරගන්න වගේම දිගටම විශ්වාසවන්තව සේවය කරන්නත් එයාලාට මේ පාසැල උදව් වෙනවා.

ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල. ප්‍රචාරකයන් අඩු ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න කැමති, කාලයක් පුරා පුරෝගාමි සේවය කරන අයට මාස දෙකක් පුරා තියෙන මේ පාසැලට සහභාගි වෙන්න පුළුවන්. “මම යන්න කැමතියි. මාව යවන්න” කියන ආකල්පයෙන් ඉන්න මේ අය ආදර්ශයට ගන්නේ කැමැත්තෙන්ම සේවය කරන්න ඉදිරිපත් වුණු යේසුස්වයි. (යෙසායා 6:8; යොහන් 7:29) තමන් හිටපු ගේදොර අත්හැරලා ටිකක් දුර පැත්තකට ගිහින් සේවය කරද්දී ගත කරන්න වෙන්නේ සරල ජීවිතයක්. සංස්කෘතිය, දේශගුණය, කෑම බීම ඇතුළු හැම දේටම වගේ අලුතින් පුරුදු වෙන්න සිද්ධ වෙනවා. සමහරවිට අලුත් භාෂාවක් ඉගෙනගන්නත් සිද්ධ වෙයි. අවුරුදු 23ත් 65ත් අතර ඉන්න තනිකඩ සහෝදර සහෝදරියන්ට, විවාහක යුවළයන්ට මේ පාසැලෙන් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එයාලාගේ පැවරුම තවත් හොඳට කරන්න අවශ්‍ය ගුණාංග තව දියුණු කරගන්නත් සංවිධානය දෙන ඕනම පැවරුමක් කරන්න උදව් වෙන හැකියාවන් දියුණු කරගන්නත් මේ පැසැල එයාලාට උදව්වක්.

ගිලියද් මුරටැඹ බයිබල් පාසැල. හෙබ්‍රෙව් භාෂාවෙන් “ගිලියද්” කියන වචනේ තේරුම ‘ලොකු සාක්ෂියක්’ කියන එකයි. වර්ෂ 1943 ගිලියද් පාසැල පටන්ගත්තාට පස්සේ ඒකෙන් පුහුණුව ලබපු 8,000කට වඩා වැඩිදෙනෙක්ව මිෂනාරි සේවකයන් හැටියට “පොළොවේ ඈත කෙළවර දක්වාම” දේශනා කරන්න යවලා තියෙනවා. ඒකෙන් හුඟක් ප්‍රයෝජන ලැබිලා තියෙනවා. (ක්‍රියා 13:47) ඒ පාසැලෙන් පුහුණුව ලබපු කිහිපදෙනෙක් මුල්ම වතාවට පේරූ රටට යද්දී ඒ රටේ එක සභාවක්වත් තිබ්බේ නැහැ. ඒත් දැන් සභා 1,000කටත් වඩා තියෙනවා. මිෂනාරි සේවකයන් මුලින්ම ජපානයට යද්දී එහේ සාක්ෂිකරුවන් දහදෙනෙක්වත් හිටියේ නැහැ. ඒත් දැන් 2,00,000කටත් වඩා ඉන්නවා. ගිලියද් පාසැලට සහභාගි වෙන අය මාස පහක් පුරා හුඟක් ගැඹුරින් දේවවචනය අධ්‍යයනය කරනවා. විශේෂ පුරෝගාමීන්ට, මිෂනාරි සේවකයන්ට, ශාඛා කාර්යාලවල සේවය කරන අයට වගේම චාරිකා සේවයේ හවුල් වෙන අයටත් මේ පාසැලට ආරාධනා කරනවා. ලෝකෙ පුරාම සිදු වෙන දේශනා කිරීමේ කාර්යය තවත් හොඳින් කරන්න ඒ අය ලබන පුහුණුව හේතු වෙනවා.

  • පුරෝගාමි පාසැලේ අරමුණ මොකක්ද?

  • ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට හවුල් වෙන්න පුළුවන් කාටද?