Skip to content

පටුනට යන්න

පුංචි ගෙත්තමේ සවිය

පුංචි ගෙත්තමේ සවිය

නිර්මාණයක්ද?

පුංචි ගෙත්තමේ සවිය

▪ වෘත්තාකාර දැල් ගෙත්තම් කරන මකුළුවන් නිපදවන සිල්ක් කෙඳි ගැන දශක ගණනාවක් පුරා විද්‍යාඥයින් අධ්‍යයනය කර තිබෙනවා. ඔවුන් මකුළුවන් සාදන සිල්ක් වර්ග හතෙන් වඩාත් ශක්තිමත්ම සිල්ක් වර්ගය කෙරෙහි (Dragline) වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මේවා පුළුන්වලට වඩා බරින් අඩු වූවත් වානේවලට වඩා ශක්තිමත්. එමෙන්ම පටපණුවා සාදන සිල්ක්වලටත් වඩා ශක්තිමත්. ජලයට ඔරොත්තු දීමේ හැකියාවද වැඩියි. පටපණුවා සාදන සිල්ක් කෙඳි රෙදි නිෂ්පාදනයේදී බෙහෙවින් යොදාගන්නවා.

මේ ගැන සිතා බලන්න. කෙව්ලාර් නම් කෘතිම රෙදි වර්ගය නිෂ්පාදනය කරනු ලබන්නේ අධික උෂ්ණත්වයක් යටතේ කාබනික ද්‍රව යොදාගෙනයි. මීට හාත්පසින්ම වෙනස්ව මකුළුවා තම කෙඳි සාදන්නේ කාමර උෂ්ණත්වය යටතේයි. උන්ට අවශ්‍ය කරන්නේ ජලය පමණයි. තවද කෙව්ලාර් රෙදිවලට වඩා මකුළුවා සාදන සිල්ක් කෙඳි ශක්තිමත්. මකුළුවා සාදන සිල්ක් කෙඳිවලින් පාපන්දු ක්‍රීඩාංගනයක් තරම් විශාල දැලක් ගෙතුවා නම් එයට විශාල ජෙට් යානයක් නතර කිරීමට තරම් ශක්තියක් තිබෙනවා.

විද්‍යාඥයින් මකුළුවා සාදන මෙම සිල්ක් වර්ගය ගැන මෙතරම් උනන්දු වීම පුදුමයට කාරණයක් නොවෙයි. “වෙඩි නොවදින කබායන් මෙන්ම එල්ලෙන පාලම්වල රැහැන් සඳහා මකුළුවා සාදන සිල්ක් කෙඳි හා සමාන ශක්තිමත් යමක් නිපදවීමට විද්‍යාඥයින් බලා සිටින්නේ මහත් ආශාවෙන්” කියා එක් සඟරාවක වාර්තා වෙනවා.—එම සඟරාව Science News.

වෘත්තාකාර දැල් ගෙත්තම් කරන මකුළුවා සාදන සිල්ක්වලට සමාන දෙයක් මිනිසුන්ට නිර්මාණය කිරීමට පහසු වන්නේ නැහැ. මෙම සිල්ක් සෑදෙන්නේ මකුළුවාගේ ශරීරය තුළ නිසා එහි ක්‍රියාකාරිත්වය තවමත් හරියට සොයාගෙන නැහැ. “අපේ ගෙදර බිත්තියේ මකුළුවා කිසිම කරදරයකින් තොරව කරන මේ අපූරු ගෙත්තම හා සමාන දෙයක් සෑදීමට ඉතා නැණවත් අය උත්සාහ කළත් නොහැකි වී තිබීමෙන් පෙනී යන්නේ මිනිසුන්ගේ දැනුම කොපමණ අල්පද කියායි.” ජීව විද්‍යාඥයෙක් වන ෂෙරල් වයි. හයාෂි සඟරාවක පවසා තිබුණා.—එම සඟරාව Chemical & Engineering News.

ඔබේ නිගමනය කුමක්ද? වානේ තරම් ශක්තිමත් සිල්ක් කෙඳි මකුළුවාට නිපදවීමට හැකි වී තිබෙන්නේ අහඹු ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසද නැත්නම් එය බුද්ධිමත් කෙනෙකුගේ සැලැස්මක්ද?

[24වන පිටුවේ පින්තූරය]

මකුළුවා සිල්ක් නිපදවන ආකාරය අන්වීක්ෂයක් තුළින්

[හිමිකම් විස්තර]

Copyright Dennis Kunkel Microscopy, Inc.