Skip to content

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි කියන්නේ මොකක්ද?

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි කියන්නේ මොකක්ද?

 වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා කියන්නේ ලාභ නොලබන සමිතියක්. ඇ.එ.ජ. පෙන්සිල්වේනියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති යටතේ ඒක පිහිටෙව්වේ 1884දියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒක පවත්වාගෙන යන්නේ ලෝකේ පුරා ඔවුන් සිදු කරන වැඩකටයුතු සඳහායි. ඒකට බයිබල් සහ බයිබලයේ තොරතුරු ඇතුළත් පොත් පත් පළ කිරීමත් ඇතුළත්.

 සමිතිය පිහිටුවලා තියෙන්නේ “ආගමික, අධ්‍යාපනික සහ සුබසාධක” කටයුතු සඳහායි. විශේෂයෙන්ම ඒකෙන් කරන්නේ “යේසුස් ක්‍රිස්තුස්ගේ පාලනය යටතේ තියෙන දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන එක සහ උගන්වන එකයි.” කෙනෙක්ට මේ සමිතියේ සාමාජිකත්වය ලැබෙන්නේ ආරාධනාවකින් මිස ඒ කෙනා කොයි තරම් මුදලක් පරිත්‍යාග කරනවාද කියන එක අනුව නෙවෙයි. සමිතියේ සාමාජිකයන් සහ අධ්‍යක්ෂකවරුන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයට සහයෝගය දෙනවා.

නීතික සංස්ථා

 වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියා කියන සමිතියට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ රටවල නීතික සංස්ථා පිහිටුවලා තියෙනවා. ඔවුන් සමහර නීතික සංස්ථා හඳුන්වන්නේ “Watch Tower,” “Watchtower” යන නමින්. එහෙම නැත්නම් ඒ නම්වල පරිවර්තනයක් පාවිච්චි කරනවා.

 පිහිටුවලා තියෙන විවිධ නීතික සංස්ථා නිසා මේ වගේ දේවල් කරන්න පුළුවන් වෙලා තියෙනවා:

  •   ලිවීම සහ පළ කිරීම. බයිබල් මිලියන 220ක් විතර සහ බයිබලයේ තොරතුරු ඇතුළත් පොත් පත් බිලියන 40ක් විතර පළ කරලා තියෙනවා. අපේ පොත් පත් භාෂා 900කට වඩා වැඩි ගණනකින් ලබාගන්න පුළුවන්. jw.org වෙබ් අඩවිය හරහා භාෂා 160කට වැඩි ගණනකින් බයිබලය ඔන්ලයින් කියවන්න පුළුවන්කම තියෙනවා. “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” වගේ ප්‍රශ්නවලට බයිබලයේ තියෙන උත්තර වෙබ් අඩවියෙන් හොයාගන්නත් පුළුවන්.

  •   අධ්‍යාපනය. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ලබා දෙන්න අපි විවිධ පාසැල් පවත්වනවා. උදාහරණෙකට 1943දී පැවැත්තුව ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 9,000දෙනෙක් විතර පුහුණුව ලබලා තියෙනවා. ඒ නිසා විවිධ රටවලට ගිහින් ලෝකේ පුරා කරන අපේ වැඩ හොඳින් කරගෙන යන්න සහයෝගය දෙන්න ඒ අයට පුළුවන් වෙලා තියෙනවා. සාක්ෂිකරුවන් නොවන අය ඇතුළු මිලියන ගණන් අයට හැම සතියකම සභා රැස්වීම්වලින් ඉගෙනගන්නත් අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව කියවන්න, ලියන්න බැරි අයට පන්තිත් පවත්වනවා. ඒකට උදව් වෙන පාඩම් පොතක් භාෂා 120කින් පළ කරලා තියෙනවා.

  •   සුබසාධනය. මිනිසුන් ඇති කරපු ව්‍යසනයන් නිසා හරි ස්වාභාවික විපත්වලින් ඇති වුණ ව්‍යසනයන් නිසා හරි පීඩාවට ලක් වුණ අයට අපි සහන සලසනවා. උදාහරණයකට 1994දී රුවන්ඩාවේ සමූල ඝාතනය, 2010 හයිටිවල සිද්ධ වුණ භූමිකම්පාව වගේ දේවලදී සහනාධාර ලබා දුන්නා.

 අපි පිහිටුවලා තියෙන සමිති සහ නීතික සංස්ථා මගින් අපේ වැඩකටයුතු හුඟක් කෙරුණත් අපේ සේවය රඳා පවතින්නේ ඒවා මත නෙවෙයි. ශුභාරංචිය දේශනා කරන්න සහ උගන්වන්න කියලා දෙවියන් දුන්න නීතිය ඉටු කිරීමේ වගකීම හැම ක්‍රිස්තියානියෙකුටම තියෙනවා. (මතෙව් 24:14; 28:19, 20) දෙවියන් අපේ සේවයට උදව් කරනවා කියලත් දිගින් දිගටම ‘වර්ධනය දෙනවා’ කියලත් අපිට විශ්වාසයි.—1 කොරින්ති 3:6, 7.