Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?

 ලෝක ව්‍යාප්තව කෙරෙන අපේ සේවයට මූලිකවම සල්ලි ලැබෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ම කැමැත්තෙන් දෙන සම්මාදම්වලිනුයි. a ඒ අයට සම්මාදම් කරන්න පහසුවක් විදිහට නමස්කාර මධ්‍යස්ථානවල සම්මාදම් පෙට්ටි තියලා තියෙනවා. සම්මාදම් කරන්න පුළුවන් තවත් විදි ගැන jw.org කියන අපේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා (සම්මාදම් යටතේ බලන්න). ඒ වෙබ් අඩවියෙන් ලෝක ව්‍යාප්ත වැඩකටයුතු සඳහාත් නමස්කාර මධ්‍යස්ථානවල වියදම් සඳහාත් විවිධ ක්‍රමවලින් සම්මාදම් කරන්න අවස්ථාව තියෙනවා.

 දසයෙන් කොටසවත් සම්මාදමක් විදිහට නිශ්චිත ගාණක්වත් ආදායමෙන් කොටසක්වත් දෙන්න ඕනෙ කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (2 කොරින්ති 9:7) අපේ රැස්වීම්වලට එන අයගෙන් මුදල් එකතු කරන්නෙවත් මුදලක් අය කරන්නෙවත් නැහැ. ඒ වගේම බව්තීස්මය, අවමංගල්‍ය කටයුතු, විවාහය එහෙමත් නැත්නම් වෙනත් ආගමික කටයුතු සඳහා කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. අපි මුදල් එකතු කිරීමේ අරමුණින් කෑම හදලා විකුණන්නෙවත් දිනුම් අදින ටිකට්පත් විකුණන්නෙවත් රාත්‍රී සාදයන්, සැණකෙළි, පොළවල් වගේ දේවල් සැලසුම් කරන්නෙවත් නැහැ. ඒ වගේම කාගෙන්වත් මුදල් ඉල්ලන්නෙත් නැහැ. කිසිම අවස්ථාවකදී පරිත්‍යාග කරන අයගේ තොරතුරු අපි ප්‍රසිද්ධ කරන්නේ නැහැ. (මතෙව් 6:2-4) අපේ වෙබ් අඩවිවලවත් ප්‍රකාශනවලවත් වෙළඳ දැන්වීම් පළ කරන්නේ නැහැ.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල හැම මාසයකම ගිණුම් වාර්තාවක් ඉදිරිපත් කරනවා. රැස්වීමට සහභාගි වෙන ඕන කෙනෙක්ට ඒ තොරතුරු දැනගන්න පුළුවන්. සභාවේ ගිණුම් නිතිපතා විගණනය කරන නිසා ලැබෙන සම්මාදම් හරි විදිහට පාවිච්චි වෙනවා කියලා ස්ථිර වෙන්න පුළුවන්.—2 කොරින්ති 8:20, 21.

පරිත්‍යාගයන් කරන්න පුළුවන් විදි

  •   සම්මාදම් පෙට්ටි: අපේ රැස්වීම් පවත්වන නමස්කාර මධ්‍යස්ථානවල, සමුළු ශාලාවල නැත්නම් වෙනත් තැන්වල මුදලින් හරි චෙක්පත් මාර්ගයෙන් හරි සම්මාදම් කරන්න පුළුවන් වෙන්න සම්මාදම් පෙට්ටි තියලා තියෙනවා.

  •   ඔන්ලයින් සම්මාදම්: හුඟක් රටවල “Donate to Jehovah’s Witnesses” කියන වෙබ් පිටුවට ගිහින් ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත්, ඉලෙක්ට්‍රෝනික මුදල් හුවමාරුව වගේ ක්‍රමවලින් සම්මාදම් කරන්න පුළුවන්. b සමහර සාක්ෂිකරුවන් ඒ ක්‍රම පාවිච්චි කරලා හැම මාසයකම සම්මාදමක් විදිහට ‘යමක් වෙන් කරලා’ තියන්න සැලසුම් කරනවා.—1 කොරින්ති 16:2.

  •   සැලසුම් කරන ලද පරිත්‍යාග: සමහර විදිවලින් සම්මාදම් කරද්දී ඒවා කලින්ම සැලසුම් කරන්න ඕනේ. සමහරවිට නීතික උපදෙස් ලබාගන්නත් වෙයි. කලින්ම සැලසුම් කරන එක බදු සහන ලබාගන්න උදව් වෙන්නත් පුළුවන්. ජීවත් වෙලා ඉද්දී පරිත්‍යාග කරන්නේ කොහොමද කියලත් මරණයෙන් පස්සේ වොච්ටවර් සමිතියට පරිත්‍යාග ලැබෙන විදිහට සැලසුම් කරන්නේ කොහොමද කියලත් කලින්ම දැනුවත් වෙලා ඉන්න එකෙන් හුඟදෙනෙක් ප්‍රයෝජන ලබලා තියෙනවා. පහත සඳහන් විදිවලින් සම්මාදම් කරන්න ඔයා කැමති නම් ඔයාගේ රටේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    •   බැංකු ගිණුම්

    •   රක්ෂණ සහ විශ්‍රාම වැටුප් සැලසුම්

    •   නිශ්චල දේපොළ

    •   ව්‍යාපාර කොටස් සහ බැඳුම්කර

    •   අන්තිම කැමති පත්‍ර සහ විශ්වාස භාරයන්

 ඔයාගේ ප්‍රදේශයේ පරිත්‍යාගයන් කරන්න පුළුවන් විදි ගැන තවත් තොරතුරු දැනගන්න “Donate to Jehovah’s Witnesses” කියන වෙබ් පිටුව බලන්න.

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන සමහර අයත් කැමැත්තෙන්ම අපේ වැඩකටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරනවා.

b වැඩි විස්තර දැනගන්න ‘ඉලෙක්ට්‍රෝනිකව සම්මාදම් කරන විදි ගැන දැනුවත් වෙමු’ කියන වීඩියෝ එක බලන්න.