Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පූජකයන් ඉන්නවාද? ඒ අයට ගෙවීමක් කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පූජකයන් ඉන්නවාද? ඒ අයට ගෙවීමක් කරනවාද?

 මුල් සියවසේ තිබුණ ක්‍රිස්තියානි සභාවේ ක්‍රමය අනුගමනය කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ගිහි සහ පැවිදි කියලා කොටස් දෙකක් නැහැ. සියලුම බව්තීස්ම ලත් අය දේවගැතිවරුන්. ඒ හැමදෙනාම ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය කරනවා. සාමාන්‍යයෙන් එක සභාවක සාක්ෂිකරුවන් 100ක් විතර ඉන්නවා. සෑම සභාවකම පෙරමුණ අරන් වැඩ කරන පිරිසක් ඉන්නවා. ඔවුන්ව “වැඩිමහල්ලන්” කියලා හඳුන්වනවා. (තීතස් 1:5) ඒ අය කරන සේවය වෙනුවෙන් ගෙවීමක් කරන්නේ නැහැ.