Skip to content

කෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවෙන් ඉවත් වෙන්න පුළුවන්ද?

කෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවෙන් ඉවත් වෙන්න පුළුවන්ද?

 ඔව්. ඒ දේ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

  •   ඒ ගැන දැනුම් දීමෙන්. තමන් තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා ලිඛිතව හරි වාචිකව හරි දැනුම් දෙන්න පුළුවන්.

  •   හැසිරීමෙන්. තමන් තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට කටයුතු කරන්නේ නැහැ කියලා හැසිරෙන විදිහෙන් පෙන්වන්න පුළුවන්. (1 පේතෘස් 5:9) උදාහරණයකට ඒ වගේ කෙනෙක් වෙනත් ආගමකට බැඳිලා දිගටම ඒ ආගම අදහන්න පටන්ගනියි.—1 යොහන් 2:19.

කෙනෙක් දේශනා සේවයේ හවුල් වෙන එක නැත්නම් රැස්වීම් එන එක නතර කළොත් ඒ කෙනාව සලකන්නේ සභාවෙන් ඉවත් වුණු කෙනෙක් විදිහටද?

 නැහැ. සභාවෙන් ඉවත් වෙන එකයි විශ්වාසය දුර්වල වෙන එකයි අතරේ වෙනසක් තියෙනවා. හුඟක් වෙලාවට සමහර අය නමස්කාර කටයුතුවලට හවුල් වෙන එක නතර කරන්නේ එයාලා සභාවෙන් ඉවත් වෙලා තියෙන නිසා නෙවෙයි, මොකක් හරි දෙයක් නිසා අධෛර්යය වෙලා තියෙන නිසයි. අපි ඒ වගේ අයව කොන් කරන්නේ නැහැ. ඒ වෙනුවට පුළුවන් උපරිමයෙන් එයාලාට උදව් කරන්න උත්සාහ කරනවා. (1 තෙසලෝනික 5:14; යූද් 22) ඒ අයගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕන කරන උපදෙස්, මඟ පෙන්වීම් ලබා දෙන්න සභාවේ වැඩිමහල්ලන් සූදානමින් ඉන්නවා.—ගලාති 6:1; 1 පේතෘස් 5:1-3.

 කොහොමවුණත් දිගටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට කටයුතු කරන්න ඕනෙ කියලා කිසිම කෙනෙක්ට වැඩිමහල්ලන් බල කරන්නේ නැහැ. තමන් අදහන්නේ මොන ආගමද කියලා තීරණය කරන්න හැමෝටම නිදහස තියෙනවා. (යොෂුවා 24:15) දෙවියන්ට නමස්කාර කරන අය ඒ දේ කරන්න ඕනෙ මුළු හදවතින්ම කියලයි අපි විශ්වාස කරන්නේ.—ගීතාවලිය 110:3; මතෙව් 22:37.