ගලාති 6:1-18

6  සහෝදරයෙනි, ඇතැම්විට යම් කෙනෙක් නොදැනුවත්ව යම් වැරදි පියවරක්+ ගත හැකිය. එවැනි අවස්ථාවලදී ශුද්ධ ලියවිල්ලට අනුව+ සුදුසුකම් ලබා ඇති ඔබ මෘදුකමින්+ එවැනි කෙනෙකුව නිවැරදි මාර්ගයට ගෙන ඒමට උත්සාහ කරන්න. එසේ කරද්දී ඔබත් වරදකට පෙලඹිය හැකි නිසා+ ඔබ ගැනත් සෝදිසියෙන් සිටින්න.+  එකිනෙකාට තනිව දරාගත නොහැකි දේවල්+ ඉසිලීමට දිගටම එකිනෙකාට උදව් කරන්න. එසේ කිරීමෙන් ක්‍රිස්තුස්ගේ නීතිය ඉටු කරන්න.+  කෙනෙක් තමා ඉතා වැදගත් කෙනෙක් කියා සිතනවා නම් ඔහු රවටාගන්නේ තමාවමය. මන්ද ඔහු තුළ කිසිවක් නැත.+  සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි.+ එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.+  මන්ද සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.+  දේවවචනයේ ඉගැන්වීම්වලට සවන් දී ඒවා ඉගෙනගන්නා+ තැනැත්තා තමාට ඒ දේවල් උගන්වන තැනැත්තා සමඟ සියලුම යහපත් දේවල්+ බෙදා හදා ගත යුතුයි.+  මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+  ඒ අනුව තම ආශාවන් තෘප්තිමත් කරගැනීමේ අදහසින් වපුරන තැනැත්තා නෙළාගන්නේ විනාශය හා මරණය පමණි.+ නමුත් තම ජීවිතය තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමට ඉඩ දීමෙන් වපුරන තැනැත්තා+ දෙවිගෙන් සදාකාල ජීවනය නෙළාගනියි.+  එහෙයින් අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු.+ මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.+ 10  එසේනම් අපට ප්‍රස්තාව ලැබෙන සෑම අවස්ථාවකදීම+ සියලුදෙනාටම, විශේෂයෙන්ම අප හා සමාන විශ්වාසයක් ඇති අපගේ සහෝදර සහෝදරියන්ට යහපත් දේවල් කරමු.+ 11  මා ඔබට ලියා එවන මේ ලිපියේ ඇති අත්අකුරු කොතරම් විශාලද කියා බලන්න.+ 12  ඔබට චර්මච්ඡේදනය වීමට බල කරන්නේ+ මිනිසුන් බලන ආකාරයට අනුව බලන, අන් අයගේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කරන අය බව පැහැදිලියි. ඔවුන් එසේ කරන්නේ ක්‍රිස්තුස් වන යේසුස්ගේ වධකණුව ගැන දේශනා කිරීම නිසා ඇති වන පීඩා මඟහැරීමට ඔවුන් කැමැත්තක් දක්වන නිසාය.+ 13  චර්මච්ඡේදනය වන අය පවා නීතිය පිළිපදින්නේ නැත.+ නමුත් ඔබ චර්මච්ඡේදනය වෙනවාට ඔවුන් කැමති වන්නේ ඉන් ඔබේ පිටාතරය ගැන පුරසාරම් දෙඩීමට ඔවුන්ට හැකි වන නිසාය. 14  අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ වධකණුව ගැන දේශනා කිරීම මිස+ වෙන කිසි දෙයක් ගැන ආඩම්බරයෙන් කතා කරන්න මට කිසි අවශ්‍යතාවක් නැත. මා මිනිස් වර්ගයාව දකින්නේ වධකණුවක ඇණ ගසා ඇති අය ලෙසයි.+ ඔවුන් මාව දකින්නෙත් වධකණුවක ඇණ ගසා ඇති කෙනෙකු ලෙසයි. 15  මන්ද වැදගත් වන්නේ කෙනෙකු චර්මච්ඡේදනය වී සිටිනවාද නැද්ද යන්න නොව+ දෙවි යමෙකුව අලුතින් ජනිත කළාද නැද්ද යන්නයි.+ 16  එම ප්‍රමිතියට අනුව ජීවත් වන සියලුදෙනාට එනම්, දෙවිගේ ඊශ්‍රායෙලයට සමාදානයත් දයාවත් ලැබේවා!+ 17  මෙතැන් පටන් කවරෙකු හෝ මේ කාරණා සම්බන්ධයෙන් මට ප්‍රශ්න ඇති නොකරන්න කියා ඉල්ලා සිටිමි. මන්ද මා යේසුස්ගේ දාසයෙකු බවට+ සාක්ෂි සපයන ලකුණු මගේ ශරීරයේ දක්නට ලැබේ.+ 18  සහෝදරයෙනි, යහපත් ආකල්පයක්+ ඇතුව සිටින ඔබට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා! ආමෙන්.

පාදසටහන්