Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න පටන්ගත්තොත් මාත් සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න පටන්ගත්තොත් මාත් සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙද?

 නැහැ. ඔයාව කිසිම විදිහකින්වත් බඳවාගැනීමක් කරන්නේ නැහැ. සාක්ෂිකරුවන් නොවන මිලියන ගාණක් අපිත් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරනවා. a අපි මිනිසුන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරන එකේ අරමුණ තමයි බයිබලයේ තියෙන දේවල් ගැන උගන්වන එක. ඒ දැනුම ලැබුණට පස්සේ කරන්නේ මොනවද කියලා තීරණය කරන්න ඕනෙ ඔයයි. කෙනෙක් අදහන්නේ මොන ආගමද කියලා තීරණය කරන එක පෞද්ගලික කාරණයක් කියලා අපි විශ්වාස කරනවා.—යොෂුවා 24:15.

බයිබලේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරද්දී මට මගේ බයිබලය පාවිච්චි කරන්න පුළුවන්ද?

 ඔව්. අපි පාවිච්චි කරන්නේ ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය.’ ඔයා ඒ බයිබලයක් ගන්න කැමති නම් මුදල් අය කරන්නේ නැතුව ඒකෙ පිටපතක් දෙන්න අපිට පුළුවන්. හැබැයි ඔයා ඔයාගෙම බයිබලය පාවිච්චි කරන එකේ කිසිම වරදක් නැහැ. මොකද ගැලවීම ලබාගන්න පුළුවන් විදිහ ගැනත් අනාගතය ගැන තියෙන බලාපොරොත්තුව ගැනත් ඔයාට ඕනෙම බයිබල් පරිවර්තනයකින් දැනගන්න පුළුවන්.

ඔයාලගේ ආගමට අයිති නැති අයත් එක්ක ඔයාලා බයිබලේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්නේ ඇයි?

  •   අපි එහෙම කරන මූලිකම හේතුව තමයි යෙහෝවා දෙවියන්ට අපි ආදරේ කරන එක. ක්‍රිස්තියානීන් තමන් ඉගෙනගෙන තියෙන දේවල් අනිත් අයට උගන්වයි කියලා දෙවියන් බලාපොරොත්තු වෙනවා. (මතෙව් 22:37, 38; 28:19, 20) “දෙවිගේ හවුල් වැඩකරුවන්” විදිහට මිනිසුන්ට බයිබලයේ තියෙන දේවල් ගැන කියලා දෙන එක තරම් උතුම් දෙයක් තවත් නැහැ කියලයි අපි හිතන්නේ.—1 කොරින්ති 3:6-9.

  •   අසල්වැසියන් ගැන අපේ හිතේ තියෙන ආදරේත් ඒකට බලපානවා. (මතෙව් 22:39) ඇත්තටම අපි ඉගෙනගෙන තියෙන වටිනා තොරතුරු අනිත් අයට කියලා දෙන එකෙන් අපි ලොකු සතුටක් ලබනවා.—ක්‍රියා 20:35.

a 2023 වසරේ අපි ලෝකෙ පුරාම හැම මාසයකදීම 72,81,212දෙනෙක් එක්ක අපි බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කළා. (ඒ අතරින් හුඟක් අවස්ථාවලදී එක් කෙනෙක්ට වඩා වැඩිදෙනෙක් සහභාගි වෙලා තියෙනවා.) හැබැයි ඒ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වෙලා තියෙන්නේ 22,69,517692,69,51752,69,517 දෙනෙක් විතරයි.