Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

කියවන්න පහසු විදිහට හදාගන්න—iOS

කියවන්න පහසු විදිහට හදාගන්න—iOS

කියවීම පහසු කරන්න ‘JW ලයිබ්‍රරි’ එකේ අංග කිහිපයක්ම ඇතුළත් කරලා තියෙනවා. ප්‍රකාශනයක් කියවද්දී ස්ක්‍රීන් එකේ උඩින් තියෙන නැවිගේෂන් තීරුවේ මේ අංග තියෙනවා.

නැවිගේෂන් තීරුවේ තියෙන ඒ අංග පාවිච්චි කරන්න තවත් කියන බට්න් එක ටැප් කරන්න.

කියවන්න පහසු විදිහට හදාගන්න මේ උපදෙස් පිළිපදින්න:

 භාෂාව වෙනස් කරන්න

කියවමින් ඉන්න පරිච්ඡේදයේ හෝ ලිපියේ භාෂාව වෙනස් කරගන්න ඔයාට පුළුවන්.

  • භාෂා කියන බට්න් එක ටැප් කරන්න. එතකොට ඔයා කියවන පරිච්ඡේදය හෝ ලිපිය තියෙන්නේ වෙන මොන භාෂාවලින්ද කියලා පෙන්වන ලැයිස්තුවක් ඔයා දකියි. ඔයා වැඩියෙන්ම කියවන භාෂාවන් තමයි ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන්නේ. සරල භාෂාවෙන් තියෙන ‘මුරටැඹ’ කලාප පෙන්වන්නෙත් මේ ලැයිස්තුවෙයි. කැමති නම් ඔයාට ඕන භාෂාවේ නම ටයිප් කරලා වුණත් ඒ ලැයිස්තුවෙන් හොයාගන්න පුළුවන්.

  • Cloud අයිකන් එක (වලාකුළක හැඩය ඇති) දිස් වෙන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරලා නැති භාෂා පෙන්වන්නයි. කැමති භාෂාවක් උඩ ටැප් කළාම ඒ භාෂාවෙන් අදාළ ප්‍රකාශනය ඩවුන්ලෝඩ් වෙනවා. ඒක ඩවුන්ලෝඩ් වුණාම cloud අයිකන් එක නැති වෙලා යනවා. ප්‍රකාශනය කියවන්න ආයේ සැරයක් ඒ භාෂාව උඩ ටැප් කරන්න.

 අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න

කියවන්න පහසු විදිහට අකුරු ප්‍රමාණය වෙනස් කරගන්න ඔයාට පුළුවන්.

අකුරු ප්‍රමාණය කියන බට්න් එක ටැප් කරන්න. ඊටපස්සේ කියවන්න පහසු ප්‍රමාණයට ඒක සකස් කරගන්න. ඔයා හදාගත්ත අකුරු ප්‍රමාණයෙන් තමයි ඇප් එකේ තියෙන හැම ප්‍රකාශනයකම අකුරු පෙන්නන්නේ.

 ‘ඉමේජ් විදිහට’ හෝ ‘ටෙක්ස්ට් විදිහට’ බලන්න

සමහර ප්‍රකාශන විදි දෙකකින් බලන්න පුළුවන්. එක විදිහක් තමයි ‘ඉමේජ් විදිහට’ බලන එක. අනිත් විදිහ තමයි ‘ටෙක්ස්ට් විදිහට’ බලන එක.

  • ඉමේජ් විදිහට: මේ ක්‍රමයට බලද්දී අපිට ප්‍රකාශනයේ පිටු පේන්නේ මුද්‍රණය කළාම ඒවා තියෙන විදිහටයි. සමහර අය ගීතිකා පොත ‘ඉමේජ් විදිහට’ බලන්න කැමති වෙන්න පුළුවන්. මොකද එහෙම බලද්දී ‘මියුසික් නෝට්ස්’ වුණත් බලාගන්න පුළුවන්.

  • ටෙක්ස්ට් විදිහට: මේ ක්‍රමයට ලිපියක් කියවද්දී බයිබල් පද උඩ ටැප් කරලා කෙළින්ම ඒවා බලන්න හැකියාව තියෙනවා. ඒ වගේම අකුරුවල ප්‍රමාණය කැමති විදිහට හදාගන්නත් පුළුවන්කම තියෙනවා.

 වෙන ඇප් එකකින්

වෙන ඇප් එකකින් කියන අංගය පාවිච්චි කරලා ‘JW ලයිබ්‍රරි’ එකේ තියෙන ප්‍රකාශන වෙනත් ඇප්වලින් වුණත් ඕපන් කරලා බලන්න පුළුවන්.

වෙන ඇප් එකකින් කියන එක උඩ ටැප් කළාම ඔයාට ඕපන් කරන්න පුළුවන් ඇප්ස් මොනවාද කියලා පෙන්නනවා. උදාහරණයකට ඔයා ඔන්ලයින් ලයිබ්‍රරි එක ටැප් කළා කියලා හිතමුකෝ. එතකොට ‘JW ලයිබ්‍රරි’ එකේ ඔයා කියවගෙන හිටපු ලිපිය ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් ඕපන් වෙනවා.

 බයිබල් පරිවර්තන තෝරගන්න සහ පෙළගස්වන්න

කියවන ප්‍රකාශනයක තියෙන බයිබල් පදයක් උඩ ටැප් කළාම ඒ පදය ඔයා ඩවුන්ලෝඩ් කරගෙන තියෙන බයිබල් පරිවර්තනවල තියෙන විදිහ පෙන්නනවා. ඒ ලැයිස්තුවේ පහළින්ම තියෙන සකසන්න කියන බට්න් එක ටැප් කළාම ඔයාට දැනටමත් ඩවුන්ලෝඩ් කරගෙන තියෙන බයිබල්වලින් ලැයිස්තුවට ඇතුළත් කරන්නේ මොන ඒවාද කියලා ඔයාට තෝරන්න පුළුවන්.

බයිබල් පරිවර්තනයක් අලුතින් ඇතුළත් කරගන්න ඕනේ නම් එක් කරන්න කියන බට්න් එක ටැප් කරන්න. පරිවර්තනයක් අවශ්‍ය නැත්නම් ඉවත් කරන්න කියන බට්න් එක ටැප් කරන්න. බයිබල් පරිවර්තන උඩ ඇඟිල්ල තියලා ඒවා උඩටයි පහළටයි ඇද්දොත් ඔයා කැමති විදිහට ඒවා පෙළගස්වන්නත් පුළුවන්.

අමතර බයිබල් පරිවර්තන ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා දැනගන්න “බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—iOS” කියන කොටස බලන්න.

2015 පෙබරවාරි මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.4 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. iOS 6.0 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.