Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—වින්ඩෝස්

‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—වින්ඩෝස්

ඔයා කියවපු ලිපි සහ බයිබල් පොත් මොනවාද කියලා ‘JW ලයිබ්‍රරි’ හිස්ට්‍රි එකේ තියෙනවා. මේක හරිම ප්‍රයෝජනවත්. ඔයා කලින් කියවපු බයිබල් පදයක් ආපහු බලන්න ඕනෙ නම් හිස්ට්‍රි කියන අංගයෙන් ඒක හොයන්න පුළුවන්.

හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන්න මේ උපදෙස් පිළිපදින්න:

 කලින් ඔයා බලපු දේවල් ආයෙත් බලන්න

ඇප් කමාන්ඩ්ස් බාර් එකට ගිහින් හිස්ට්‍රි බට්න් එක ටැප් කරන්න. එතකොට ඔයා කලින් බලපු බයිබල් පද සහ ලිපිවල ලැයිස්තුවක් පෙන්නනවා. ඒ ලැයිස්තුවේ තියෙන බයිබල් පදයක් හෝ ලිපියක් උඩ ටැප් කළාම ඒක ආපහු බලන්න පුළුවන්.

 හිස්ට්‍රි එකේ තියෙන දේවල් මකලා දාන්න

රයිට් ක්ලික් කරලා හෝ ස්ක්‍රීන් එකේ උඩ ඉඳලා පහළට ඇඟිල්ලෙන් ඇදලා ඇප් කමාන්ඩ්ස් බාර් එක ඕපන් කරන්න. ඊළඟට හිස්ට්‍රි බට්න් එක ටැප් කරන්න. එතැනින් මකන්න කියන බට්න් එක ටැප් කළාම ලැයිස්තුවේ තියෙන හැම දෙයක්ම මැකෙනවා.

2014 මාර්තු මාසයේ මුදාහැරිය ‘JW ලයිබ්‍රරි’ 1.1 වර්ෂන් එකේ මේ අලුත් විශේෂාංග ඇතුළත් කරලා තිබුණා. වින්ඩෝස් 8.0 හෝ ඊටපසුව ආපු වර්ෂන්වල මේවා වැඩ කරනවා. මේ විශේෂාංග ඔයාගේ ඩිවයිස් එකේ පෙන්නන්නේ නැත්නම් අලුත්ම විශේෂාංග ලබාගන්න කියන කොටසේ ඇති “‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—වින්ඩෝස්” යටතේ තියෙන උපදෙස් අනුගමනය කරන්න.