Skip to content

පටුනට යන්න

පැනයට පිළිතුර බයිබලයෙන්

පැනයට පිළිතුර බයිබලයෙන්

යේසුස් මැරුණු අයව නැවත නැගිට්ටෙව්වාද?

ලාසරුස් මිය ගිහින් දවස් 4කට පස්සේ යේසුස් ඔහුව නැවත නැඟිට්ටෙව්වා

යේසුස් මැරුණු අයව නැවත නැගිට්ටෙව්වා කියලා බයිබලයේ වාර්තා වෙනවා. ඒවා සැබෑ සිදුවීම්. ඒ නැවත නැඟිටීම් සිද්ධ වුණ ස්ථාන හා කාල වකවානු බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට ක්‍රි.ව. 31දී යේසුස් විශාල සමූහයක් එක්ක කපර්ණවුම ඉඳලා නායින් නුවරට ගියා. නායින් නුවරදී ඔවුන්ට මිනියක් ගෙනියන විශාල පිරිසක්ව මුණගැහුණා. යේසුස් මිය ගිය තැනැත්තාව නැවත නැගිට්ටෙව්වා. ඒ වාර්තාව තියෙන්නේ දේවවචනයේ නිසාත් ඒක සිද්ධ වුණේ විශාල පිරිසක් ඉදිරියේ නිසාත් ඒක සැබෑ සිදුවීමක් කියන එක ස්ථිරයි.—ලූක් 7:11-15 කියවන්න.

යේසුස්ගේ මිත්‍රයෙක් වන ලාසරුස් මිය ගිහින් දවස් 4කට පස්සේ යේසුස් ඔහුවත් නැවත නැඟිට්ටෙව්වා. ඒ නැවත නැඟිටීමත් හුඟදෙනෙක් දැක්ක නිසා ඒ ගැන සැකයක් නැහැ.—යොහන් 11:39-45 කියවන්න.

මැරුණු අයව යේසුස් නැවත නැඟිට්ටෙව්වේ ඇයි?

යේසුස් එහෙම කළේ ඒ අය ගැන දැනුණ අනුකම්පාව නිසයි. ඒ වගේම නිර්මාතෘ දෙවියන් මැරුණු අයව නැවත නැඟිටුවන්න තමන්ට බලය දීලා තියෙනවා කියලා පෙන්වන්නයි.—යොහන් 5:21, 28, 29 කියවන්න.

යේසුස් මැරුණ අයව නැවත නැඟිටුවලා තියෙන නිසා අනාගතයේදීත් එහෙම කරයි. දෙවියන් ගැන දන්නේ නැතුව මිය ගිය අධර්මිෂ්ඨ අය ඇතුළු තව හුඟදෙනෙක්ව අනාගතයේදී නැවත නැඟිටුවනවා කියලා නිසැකයි. ඒ අධර්මිෂ්ඨ අයට දෙවියන්ට ළං වෙන්න උදව් කරනවා.—ක්‍රියා 24:15 කියවන්න.