Skip to content

පටුනට යන්න

සෑහීමට පත් විය හැකිද?

සෑහීමට පත් විය හැකිද?

සෑහීමට පත් විය හැකිද?

“සෑහීමට පත් වෙනවා නම් දුප්පත් වුණත් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. හැබැයි සෑහීමට පත් වෙන්නේ නැත්නම් පොහොසත් වුණත් සන්තෝෂයක් ලැබෙන්නේ නැහැ.”—බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්.

සෑහීමට පත් වීමේ හැකියාව මිල දී ගත හැකි දෙයක් නොවෙයි. අද සමාජයේ සිටින බොහෝ අය තමන් සතු වස්තු කන්දරාව තවත් වැඩි කරගැනීමටත් අන් අය ගත කරනවා හා සමාන ජීවිතයක් ගත කිරීමටත් උත්සාහ කරනවා. සෑහීමට පත් වීම අභියෝගයක් වීමට බලපා තිබෙන කරුණු කිහිපයක් ගැන සලකා බලන්න.

• වෙළඳ දැන්වීම්වලින් නිතරම කියවෙන්නේ සෑහීමට පත් වීමට නම් අලුත්ම පන්නයේ භාණ්ඩ මිල දී ගත යුතු බවයි.

• රැකියා ස්ථානවල සහ පාසැල්වල අන් අයට වඩා ඉදිරියෙන් සිටීමට විශාල තරඟයක් තිබෙනවා.

• ඔබ අන් අය වෙනුවෙන් යම් දේවල් කළත් ඔවුන් එය අගය කරන්නේ නැහැ.

• මිතුරන් තමන් සතු දේවල් ගැන පුරසාරම් දොඩනවා.

• ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැහැ.

එවැනි තත්වයන් නිසා සෑහීමට පත් විය නොහැකියි කියා පැවසිය හැකිද? එසේ පවසන්න බැහැ. උදාහරණයකට පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් වූ පාවුල් ගැන සලකා බලන්න. ඔහු යම් කාලයකදී ඉතා ධනවත් පුද්ගලයෙකුව සිටියා. තවත් කාලයකදී දිලිඳු කෙනෙකුව සිටියා. කොහොමවුණත් ඔහු “සෑහීමට පත් වීමට ඉගෙනගෙන” සිටි නිසා ‘මා කවර තත්වයක සිටියත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස ඉගෙනගෙන සිටිමි’ කියා පැවසුවා.—ෆිලිප්පි 4:11, 12.

පාවුල් මෙන් අප සියලුදෙනාද සෑහීමට පත් වීමට ඉගෙනගත යුතුයි. එය කළ හැකි ආකාරය ගැන කරුණු පහක් අපි දැන් සලකා බලමු.