Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | පවුලේ සමඟිය රැකගන්න

පවුලේ සමඟිය නැති වෙන්නේ ඇයි?

පවුලේ සමඟිය නැති වෙන්නේ ඇයි?

ඝානාවේ ඉන්න සේරා, * ජේකබ් එක්ක විවාහ වෙලා අවුරුදු 17ක් වෙනවා. ඇය මෙහෙම කියනවා. “අපි රණ්ඩු වුණොත් රණ්ඩු වෙන්නේ සල්ලි නිසා. මං පවුල වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. ඒත් ජේකබ් පවුලේ වියදම් ගැන මාත් එක්ක කිසි දෙයක් කතා කරන්නේ නැති වුණාම මට තරහා යනවා. එහෙම වුණාම අපි සති ගණන් කතා නොකර ඉඳලා තියෙනවා.”

ජේකබ් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “සේරා කියන කතාව ඇත්ත. වෙලාවකට අපි බැණගන්නවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ එක්කෝ අපි දෙයක් වරදවා වටහාගෙන තියෙන නිසා. නැත්නම් අපි අතරේ හොඳ අදහස් හුවමාරුවක් නැති නිසා. ප්‍රශ්නෙකදී ඕනෑවට වඩා කලබල වෙන නිසාත් රණ්ඩු ඇති වෙනවා.”

ඉන්දියාවේ ඉන්න නේතන් ළඟදී විවාහ වුණු කෙනෙක්. එයා මෙහෙම කිව්වා. “දවසක් මගේ නෝනාගේ අම්මයි තාත්තයි රණ්ඩු වුණා. තාත්තා බැන්න නිසා අම්මා තරහා වෙලා ගෙදරින් ගියා. ඇයි එහෙම බැන්නේ කියලා මං තාත්තාගෙන් ඇහුවාම, එයා හිතුවේ මං එයාට දොස් කියනවා කියලා. අන්තිමට වුණේ අපි ඔක්කොටම තාත්තාගෙන් බැණුම් අහන්න වුණු එක.”

වැරදි වෙලාවට කියපු වැරදි වචන නිසා ඔයාගේ පවුලෙත් ආරවුල් ඇති වෙලා ඇති. සමහරවිට ප්‍රශ්නයක් ගැන සන්සුන්ව කරන කතාබහක් වුණත් එකපාරටම වචනවලින් ගහගන්න තත්වෙකට පත් වෙන්න පුළුවන්. හැම වෙලාවෙම සීයට සීයක් හරි වචනම කතා කරන කෙනෙක් මේ ලෝකෙ නැහැ. ඒ නිසා ඕනම කෙනෙක්, අනිත් කෙනා කියපු දෙයක් හරි එයාගේ චේතනා හරි වැරදි විදිහට තේරුම්ගන්න පුළුවන්. ඒ මොන දේ වුණත් පවුලේ සාමය රැකගන්න එක අමාරු දෙයක් නෙමෙයි.

ඔයාගේ පවුලෙත් හැම වෙලාවෙම ආරවුල් ඇති වෙනවා නම් සාමයෙන් සමඟියෙන් ඉන්න ඔයාට මොනවද කරන්න පුළුවන්?

^ 3 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.