Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

යාච්ඤාව

යාච්ඤාව

යාච්ඤා කරලා පලක් තියෙනවාද?

“යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.”—ගීතාවලිය 65:2.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

යාච්ඤා කරලා වැඩක් නැහැ. විශේෂයෙන්ම දුකක් කරදරයක් වුණ වෙලාවක දෙවියන්ට යාච්ඤා කළාට පලක් නැහැ. මොකද දෙවියන් අපේ යාච්ඤා අහන්නේ නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ. නමුත් යෙහෝවා දෙවි නපුරු දේවල් කරන අයව ප්‍රතික්ෂේප කරයි.” (1 පේතෘස් 3:12) එයින් පැහැදිලි වෙන්නේ දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලයි. ඒත් දෙවියන් විශේෂයෙන්ම ඇහුම්කන් දෙන්නේ ඔහු කියලා තියෙන විදිහට යාච්ඤා කරන අයටයි. ඒ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “අපට තිබෙන ස්ථිර විශ්වාසය නම් දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.” (1 යොහන් 5:14) ඒ නිසා අපේ යාච්ඤාවට දෙවියන් ඇහුම්කන් දෙනවට අපි කැමති නම් දෙවියන් කැමති මොනවටද කියලා අපි හිතලා බලන්න ඕනේ.

 යාච්ඤා කරන්න ඕනේ කොහොමද?

‘ඔබ යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් නොකියන්න.’—මතෙව් 6:7.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

විවිධ ආගම්වල අයට උගන්වලා තියෙන්නේ යාච්ඤා කරන හෝ ගාථා කියන වාර ගණන ගණන් කරන්න කොන්තයක් හෝ ඇට මාලයක් වැනි දෙයක් යොදාගන්න කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

යාච්ඤා කරන්න ඕනේ අවංකව සහ මුළු හදවතින්මයි. යාච්ඤාව කියන්නේ කොලයක් බලාගෙන කියන යමක් හෝ එකම දේ නැවත නැවත කීමක් නෙමෙයි. බයිබලයේ මෙහෙමත් සඳහන් වෙනවා. “ඔබ යාච්ඤා කරන විට වෙනත් ජාතීන් කරන ආකාරයට එකම දේ නැවත නැවතත් නොකියන්න. ඔවුන් සිතන්නේ වචන රාශියක් පැවසුවොත් දෙවි ඔවුන්ට සවන් දෙයි කියායි. නමුත් ඔබ, ඔවුන්ට සමාන නොවන්න. මන්ද ඔබේ පියාණන් වන දෙවිගෙන් ඔබ ඉල්ලන්නත් කලින් ඔබට අවශ්‍ය කුමක්ද කියා ඔහු දන්නවා.”මතෙව් 6:7, 8.

පිළිතුර දැනගැනීමේ වැදගත්කම.

දෙවියන් අකමැති විදිහට යාච්ඤා කරනවා නම් අපි ඒකට වැය කරන කාලය අපතේ යනවා විතරක් නෙමෙයි දෙවියන්ගේ අප්‍රසාදයටත් අපි ලක් වෙනවා. දෙවියන් අසතුටු වන විදිහට කරන යාච්ඤා ඔහුට ‘පිළිකුලක්’ කියලත් බයිබලයේ අනතුරු අඟවනවා.හිතෝපදේශ 28:9.

යාච්ඤා කරන්න ඕනේ කාටද?

“යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න. ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න.”—යෙසායා 55:6.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර අය යේසුස්ගේ මව වන මරියාට, දේවදූතයන්ට හෝ සාන්තුවරයන් ලෙස හඳුන්වන අයට යාච්ඤා කරනවා. ඔවුන් යාච්ඤා කරන එක් සාන්තුවරයෙක් තමයි සාන්ත අන්තෝනි. ඔහු මිනිසුන්ගේ ආගමික අවශ්‍යතා හෝ ශාරිරික අවශ්‍යතා ඉටු කර දෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ වගේම සාන්ත ජූඩ්, වේදනාකාරී අද්දැකීම්වලදී පිහිට වෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා. බොහෝ අය සාන්තුවරයන්ට සහ දේවදූතයන්ට යාච්ඤා කරන්නේ තමන් වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන්න කියලයි.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

යාච්ඤා කරන්න ඕනේ ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණන්ටයි.’ (මතෙව් 6:9) ඒ වගේම “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න” කියලත් බයිබලයේ සඳහන් වෙනවා.ෆිලිප්පි 4:6.