Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

අග්නිදිග ආසියාව

එක් වාර්තාවකට අනුව 1997ත් 2011ත් අතර කාලය තුළ සත්ව හා ශාක විශේෂ බොහොමයක් මීකොං ලෙස හඳුන්වන ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඒ අතර අලුත් පොළොං විශේෂයක්ද (Trimeresurus rubeus) සිටිනවා. 2011 වසරේදී පමණක් අලුත් ශාක විශේෂ 82ක් උරග විශේෂ 21ක් මසුන් විශේෂ 13ක් උභයජීවී විශේෂ 5ක් සහ ක්ෂීරපායී විශේෂ 5ක් සොයාගෙන තිබෙනවා.—World Wildlife Fund.

යුරෝපය

ගණිකා වෘත්තිය සඳහාත් මෙහෙකාරකමටත් මිනිස් අවයව ලබාගැනීමටත් මිනිසුන්ව විකිණීම යුරෝපය පුරාම විශාල ගැටලුවක් වී තිබෙනවා කියා එක් පුවත්පතක සඳහන් වුණා. (The Moscow Times) ඒ සඳහා ජාවාරම්කරුවන්ට උපකාරවත් වී තිබෙන්නේ දුප්පත්කම, විරැකියාව සහ උස් පහත් භේද වැනි සමාජයේ පවතින ගැටලුයි.

නවසීලන්තය

පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ කුඩා දරුවන් සහ යෞවනයන් පැය ගණනාවක් රූපවාහිනිය නරඹන නිසා ඔවුන් වැඩිහිටියන් වෙද්දී “සමාජ ආශ්‍රයට අකමැති පුද්ගලයන්” බවට පත් වෙනවා කියායි. තවදුරටත් ඔවුන් කියන්නේ “දරුවෙක් දවසකට පැයක් හෝ දෙකක් පමණක් ප්‍රයෝජනවත් රූපවාහිනී වැඩසටහන් නැරඹීම ප්‍රමාණවත්” බවයි.

ඇලස්කාව

එම රටේ ගම්මාන බොහොමයක් පිහිටලා තියෙන්නේ මුහුදු වෙරළ හෝ ගංගා අසල නිසා ඒවායින් සියයට 86ක් පමණ ගංවතුරට හෝ ඛාදනයට ලක් වෙනවා. ඉහළ යන උෂ්ණත්වය නිසා එම ගම්මානවල ආරක්ෂාවට තියෙන අයිස් තට්ටුව වර්ධනය වෙන්නේ හරිම හෙමින් කියා එක් වාර්තාවක සඳහන් වුණා. ඒ නිසා එම ගම්මාන කුණාටුවලිනුත් පහර ලබනවා.

ලොව වටා

පරිසරයට හිතකර සුළං සහ සූර්ය බලශක්තිය නිපදවීම සඳහා විශාල මුදලක් ආයෝජනය කළත් “මීට අවුරුදු 20කට කලින් බලශක්තිය නිපදවීමේදී පරිසරයට සිදු වූ හානිය තවමත් සිදු වෙනවා” කියා ජගත් බලශක්ති සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරියක් වන මරියා වැන්ඩ හූවන් පවසනවා.