Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

කම්පනයට ඔරොත්තු දෙන කුරුළු හිස

කම්පනයට ඔරොත්තු දෙන කුරුළු හිස

● අපේ හිස වේගයෙන් සෙලෙව්වොත් අපට කැරකිල්ලක් දැනෙයි. හිස යමක තදින් වැදුණොත් අපට සිහි නැති වෙයි. ඒත් නිතර දෙවේලේ අපේ නෙත ගැටෙන කොට්ටෝරුවා ගසට කොතරම් වේගයෙන් කෙටුවත් උගේ පුංචි හිසට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. උන්ට එම සුවිශේෂි හැකියාව ලැබුණේ කොහොමද?

මේ ගැන සිතන්න: කොට්ටෝරුවාට කම්පනය දරාගැනීමට හැකි වී තිබෙන්නේ උගේ හිස සැකසී ඇති ආකාරය නිසා බව පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.

1. නම්‍යසුලු නමුත් ශක්තිමත් හොට

2. හිස්කබල වටා ඇති ඇදෙනසුලු පටකය

3. හිස්කබලේ ස්පොන්ජියක් මෙන් ඇති මෘදු කොටස

4. මොළයත් හිස් කබලත් අතර තරලය ඇති ස්ථානය

ඒ සෑම කොටසකටම කම්පනය දරාගැනීමට හැකියාව තිබෙන නිසා කොට්ටෝරුවා තත්පරයකට 22වතාවක් ගසකට කෙටුවත් උගේ මොළයට කිසිදු හානියක් සිදු වන්නේ නැහැ.

කොට්ටෝරුවාගේ හිසේ සැකැස්ම අධ්‍යයනය කිරීමෙන් කම්පන හොඳින් දරාගැනීමට හැකි ආවරණ නිපදවීමට පර්යේෂකයන්ට හැකි වී තිබෙනවා. ගුවන් ගමන් පිළිබඳ වාර්තා සුරක්ෂිතව ගබඩා වෙන කළු පෙට්ටිය දැඩි කම්පනවලට ඔරොත්තු දෙන ආකාරයෙන් තැනීමට එය මහඟු උපකාරයක්. එක්සත් රාජධානියේ එක් විශ්වවිද්‍යාලයක ඉංජිනේරුවෙක් මෙසේ පවසනවා. ‘කොට්ටෝරුවාගේ හිස අධ්‍යයනය කිරීමෙන් ලබාගත් තොරතුරුවලින් අප අවට පරිසරයේ ජීවත් වන සතුන් අභියෝගාත්මක දේවල් ජය ගන්නා ආකාරය පැහැදිලි වෙනවා.’

ඔබේ නිගමනය කුමක්ද? කම්පනය දරාගැනීමේ හැකියාව කොට්ටෝරුවාට ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය බුද්ධිමත් තැනැත්තෙකුගේ නිර්මාණයක්ද?

[19වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

1

2

3

4

[19වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Redheaded woodpecker: © 2011 photolibrary.com