Skip to content

පටුනට යන්න

මොලස්කාවන්ගේ ශක්තිමත් කටුව

මොලස්කාවන්ගේ ශක්තිමත් කටුව

නිර්මාණයක්ද?

මොලස්කාවන්ගේ ශක්තිමත් කටුව

▪ සිප්පි කටු බැලූ බැල්මට එතරම් ශක්තිමත් නැහැයි කියා සිතුණත් ඒවා කැඩීම සිතන තරම් ලෙහෙසි නැහැ. ඉන්ජිනේරුවෙක් වන කෙනත් වෙකියෝ පැවසුවේ ඔහුට කුඩා කාලයේ සිප්පි කටුවක් කැඩීමට මිටියක් භාවිත කිරීමට සිදු වූ බවයි. සිප්පි කටු අතරින් වඩාත්ම ශක්තිමත් ඒවා වන්නේ මොලස්කාවන්ගේ කටුවයි. *

මේ ගැන සිතා බලන්න: මොලස්කාවන්ගේ කටුවේ ඇතුළත ස්ථරය (nacre, or mother-of-pearl) සැකසී ඇත්තේ ඉතා සිහින් කොරපොතුවලිනුයි. එම කොරපොතු එකිනෙක අතර තිබෙන පරතරය මීටරයකින් බිලියනයෙන් එකක් තරම් කුඩයි. “මෙම කොරපොතු ඉතා කුඩා වුවත් ඒවා පිහිටා තිබෙන ආකාරය ඉතාමත් විස්මයජනකයි. කටුවේ ශක්තිමත්භාවයට හේතු විය හැක්කේ එම කොරපොතුයි” කියා ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ මහාචාර්යවරියක් වන ක්‍රිස්ටීන් ඕටිස් පැවසුවා.

මොලස්කාවන්ගේ කටුවේ ඇතුළත ස්ථරය අන්වීක්ෂයකින් බැලූ විද්‍යා ලේඛකයෙක් වන චාල්ස් පිටිට් එය විස්තර කළේ මෙසේයි. “එය මනා පිළිවෙළට සකස් වී තිබුණා. එහි හරස් කඩක් දිස් වුණේ උළු කැට එක පිට එක තබා තිබෙන ආකාරයටයි. එහි විනිවිද පෙනෙන ෂඩස්‍රාකාර තට්ටු සෑදී තිබෙන්නේ කැල්සියම් කාබනේට්වලිනුයි. මේවා එකින් එක තදින් බැඳී තිබෙන්නේ මොලස්කාවන්ගෙන් නිකුත් වන ප්‍රෝටීන් අධික ඇලෙන සුළු ද්‍රාවණයක් නිසයි.”

විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මොලස්කාවන්ගේ කටුව සැකසී තිබෙන ආකාරය පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන අත් කරගත හැකි බවයි. වඩාත් ශක්තිමත් ආරක්ෂක ඇඳුම් හා උපකරණ, වාහනවල බාහිර කොටස් මෙන්ම ගුවන් යානා තටු නිපදවීම සඳහාද එම ක්‍රමය යොදාගත හැකි බව ඔවුන්ගේ මතයයි. ‘අප අවට පරිසරයේ සමහර නිර්මාණයන් සැකසී තිබෙන්නේ ඇසට නොපෙනෙන තරම් සියුම් ආකාරයටයි. එම ක්‍රම භාවිත කරමින් උසස් කාර්මික නිපැයුම් බිහි කිරීමට බොහෝදෙනා උත්සාහ කරනවා. නමුත් ඒවා තම නිෂ්පාදන සඳහා යොදාගැනීමට මිනිසා තවමත් සමත් වී නැහැ’ කියා ක්‍රිස්ටීන් ඕටිස් තවදුරටත් පවසනවා.

කල්පනා කර බලන්න: මොලස්කාවන්ගේ කටුවේ ඇති ශක්තිය උන්ට ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය බුද්ධිමත් නිර්මාණයක්ද?

[පාදසටහන]

^ 3 ඡේ. මොලස්කාවන්ට ඇත්තේ ඇටකටුවලින් තොර මෘදු ශරීරයක්. මුහුදු මොලස්කාවන්ට බෙල්ලන්, මට්ටීන්, රැලි බෙල්ලන්, බූවල්ලන් හා දැල්ලන් අයත් වෙනවා.

[25වන පිටුවේ පින්තූරය]

මොලස්කාවන්ගේ කටුවේ ඇතුළත ස්ථරයේ හරස් කඩක් විශාල කර බැලූ විට පෙනෙන ආකාරය

[හිමිකම් විස්තර]

Inset: © Eye of Science/​Photo Researchers, Inc.