Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | තෑගි අතරින් හොඳම තෑග්ග

“ඒක තමයි මට ලැබුණු හොඳම තෑග්ග”

“ඒක තමයි මට ලැබුණු හොඳම තෑග්ග”

පුංචි බලු පැටියෙක්ව තෑගි ලැබුණු අවුරුදු 13ක දුවෙක්ට හැඟුණේ එහෙමයි. පාසලේ ඉහළ පන්තිවල ඉද්දී තාත්තා දුන්නු කොම්පියුටර් එක එයාගේ මුළු ජීවිතයම වෙනස් කළා කියලා සාර්ථක ව්‍යාපාරයක නියැලෙන කාන්තාවක් කිව්වා. පළවෙනි විවාහ සංවත්සරය දවසේ බිරිඳක් එයාගේ අතින්ම පුංචි කාඩ් එකක් හදලා සැමියාට දුන්නාම ඒ සැමියාට හැඟුණේ එයාට ලැබුණු හොඳම තෑග්ග ඒක කියලයි.

තමන් ආදරේ කරන යාළුවෙක්ට, නෑදෑයෙක්ට එයා ආසම කරන විදිහේ තෑග්ගක් හොයාගන්න හුඟක් අය කාලය, ශ්‍රමය වැය කරනවා. ඒ වගේ තෑග්ගක් ලැබුණු කෙනෙක් “මේක තමයි මට ලැබුණු හොඳම තෑග්ග” කියලා කියද්දී ඒක දුන්න කෙනාට දැනෙන්නේ පුදුම සතුටක්.

තෑග්ගක් දෙද්දී, තෑග්ගක් ලැබෙද්දී ලොකු සතුටක් දැනෙනවා නේද? ඒත් ඔයා දන්නවාද තෑග්ගක් ලැබෙනවාට වඩා තෑග්ගක් දෙද්දී ලැබෙන සතුට වැඩියි කියලා? “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලා බයිබලයෙත් කියනවා. (ක්‍රියා 20:35) ඒ සතුට තවත් වැඩි කරගන්න පුළුවන් කොහොමද? තෑග්ගක් ලැබෙන කෙනාට ඒකේ වටිනාකම වැඩි වෙන තරමටම ඒ තෑග්ග දෙන කෙනාගේ සතුටත් වැඩි වෙනවා.

සමහරවිට ඔයා දෙන තෑග්ග එයාට ලැබුණු “හොඳම තෑග්ග” නොවෙන්න පුළුවන්. ඒත් එයාට වටින, එයා අගය කරන තෑග්ගක් දෙන්න ඔයාට පුළුවන්. ඒ විදිහේ තෑග්ගක් දෙන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?