Skip to content

පටුනට යන්න

ජෝර්ජියාව

මෙච්චර කල් කොහෙද හිටියේ?

ආතර් ගෙරෙක්හෙලියා

මෙච්චර කල් කොහෙද හිටියේ?
  • ඉපදුණේ 1956

  • බව්තීස්ම වුණේ 1991

  • තොරතුරු බව්තීස්ම වෙලා මාස අටකින් නිවසත් සාර්ථක ව්‍යාපාරයත් අත්හැරලා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට ගිහින් සේවය කළා.

මං බව්තීස්ම වුණු අලුතම වගේ සේවය වැඩි කරන්න කැමතිද කියලා වැඩිමහල්ලන් මගෙන් ඇහුවා. 1992 මැයි 4වෙනිදා අවශ්‍යතාව වැඩි ප්‍රදේශයකට යන්න කැමති අයට පැවැත්තුව රැස්වීමට මමත් ගියා. පහුවෙනිදා මම බාටුමිවල සේවය කරන්න පිටත් වුණා.

බාටුමිවල සේවයේ ගිය පළවෙනි දවසේ මට ලොකු බයක් දැනුණා. ඒත් පණිවිඩය අහපු මුල්ම කෙනා “මෙච්චර කල් කොහෙද හිටියේ” කියලා මගෙන් ඇහුවාම මට පුදුම සතුටක් දැනුණේ. එයා සාක්ෂිකරුවන්ව හොය හොය ඉඳලා තියෙන්නේ. එයාත් එක්ක පහුවෙනිදාම පාඩමක් පටන්ගත්තා.

බාටුමිවලට යන්න කලින් උනන්දුව දක්වපු අයගේ නම් සහ ලිපින තියෙන ලැයිස්තුවක් අපිට ලැබුණා. ඒවා හොයාගන්න අපි ඒ පැත්තේ අයගෙන් උදව් ඉල්ලුවත් ළඟදි පාරවල්වල නම් වෙනස් කරලා තිබුණු නිසා එයාලාත් පාරවල් දැනන් හිටියේ නැහැ. හැබැයි එයාලා අපේ පණිවිඩය ගැන දැනගන්න කැමති වුණා. වැඩි දවසක් යන්න කලින් 15දෙනෙක්ගෙන් විතර හැදුණ කණ්ඩායම් කිහිපයක් එක්කම බයිබල් පාඩම් පටන්ගන්න අපිට පුළුවන් වුණා.

අපි එහෙට ගිහින් මාස හතරක් යද්දී 40කට වඩා වැඩිදෙනෙක් හැම සතියෙම වගේ රැස්වීම් එන්න පටන්ගත්තා. ඒත් අපි හැම තිස්සෙම හිතුවේ අපේ පැවරුම ඉවර වුණාට පස්සේ “කවුද මේ අලුත් අයව බලාගන්නේ” කියලයි. ඒ කාලෙදිම වගේ ජෝර්ජියානු හමුදාවයි, බෙදුම්වාදීනුයි අතර ඇබ්කාසියා නගරයේ ගැටුම් ඇති වුණා. ඒ නිසා මං කලින් හිටිය සභාවේ හැමෝටම බාටුමි ප්‍රදේශයේ පදිංචියට එන්න සිද්ධ වුණා. අපි හිතුවෙවත් නැති විදිහට එක දවසකින් බාටුමිවල තිබුණු සභාවට අද්දැකීම් තියෙන වැඩිමහල්ලන් සහ පුරෝගාමීන් එකතු වුණා.