Skip to content

යේසුස් ගැන බයිබලයේ තියෙන වාර්තාව හරිද?

යේසුස් ගැන බයිබලයේ තියෙන වාර්තාව හරිද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 බයිබලය ලියපු කෙනෙක් වුණ ලූක් යේසුස්ගේ ජීවිතය පිළිබඳව තමන් ලියපු දේවල් ගැන මෙහෙම කිව්වා. “මුල සිටම සෑම තොරතුරක්ම නිවැරදි බව සනාථ කරගත්තා.”—ලූක් 1:3.

 මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන පොත් ලිව්වේ හතරවන සියවසේ කියලා සමහරු කියනවා.

 කොහොමවුණත් යොහන්ගේ සුවිශේෂයේ පැරණි පිටපතක් 20වන සියවස මුල් කාලයේදී ඊජිප්තුවෙන් සොයාගත්තා. ඒ අත්පිටපත පැපිරස් රයිලන්ඩ්ස් 457 (P52) කියලා නම් කරලා තියෙනවා. එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ ජෝන් රයිලන්ඩ්ස් පුස්තකාලයේ එය සුරක්ෂිතව තියෙනවා. යොහන් පොතේ 18වන පරිච්ඡේදයේ 31-33 සහ 37, 38 යන පද ඒ අත්පිටපතේ සඳහන් වෙනවා.

 ග්‍රීක ලියවිල්ලට අදාළව හොයාගෙන තියෙන පැරණිම අත්පිටපත මේකයි. ක්‍රිස්තු වර්ෂ 125දී විතර ඒක ලියන්න ඇති කියලා විශාරදයන් පිළිගන්නවා. ඒක මුල්ම ලියවිල්ල ලියලා අවුරුදු 100කටත් වඩා අඩු කාලෙකදී ලිව්ව එකක්. ඒ අත්පිටපතේ සහ ඊටපස්සේ හොයාගත්ත අත්පිටපත්වල සඳහන් තොරතුරු අතර කිසිම වෙනසක් නැහැ.