Skip to content

පටුනට යන්න

Left: Yasser Qudaih/Anadolu via Getty Images; right: RONALDO SCHEMIDT/AFP via Getty Images

සෝදිසියෙන් ඉන්න!

මේ ගහමරාගැනිලි කවදා කෙළවර වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මේ ගහමරාගැනිලි කවදා කෙළවර වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 2024 අප්‍රියෙල් 13වෙනි සෙනසුරාදා ඉරානය ඊශ්‍රායෙලයට එල්ල කරපු දැඩි ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙහෙම කියනවා. “මේ තත්වය මැඩපවත්වන්න දැන් තමයි කාලය. අපිවම පාලනය කරගන්න දැන් තමයි කාලය.”

 මැදපෙරදිග සිද්ධ වෙන ගැටුම් ලෝකේ පුරාම සිද්ධ වෙන දරුණු දේවලට එක උදාහරණයක් විතරයි.

 “දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේ ඉඳන් මේ වෙන කල් බලද්දී දැන් තමයි වැඩියෙන්ම වගේම දරුණුම විදිහේ සටන් ඇති වෙන්නේ. මේවා නිසා බිලියන 2ක ජනතාවක් දුක් විඳිනවා. ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්.”—United Nations Security Council, 2023 ජනවාරි 26.

 ඊශ්‍රායෙලය, ගාසාව, සිරියාව, අසර්බයිජානය, යුක්රේනය, සුඩානය, ඉතියෝපියාව, නයිජර්, මියන්මාරය සහ හයිටි වගේ රටවල්වල ගොඩක් සැහැසික දේවල් සිද්ධ වෙනවා. a

 මේ ගහමරාගැනිලි කවදා නතර වෙයිද? සාමය උදා කරන්න ලෝක නායකයන්ට පුළුවන් වෙයිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ලෝකෙම යුධ පිටියක

 අද ලෝකේ පුරාම සිද්ධ වෙන සටන්, හැම යුද්ධයකටම නිමාවක් අත ළඟයි කියන්න ලකුණක්. අපි ජීවත් වෙන කාලය ගැන බයිබලයේ තියෙන අනවැකියක් මේ යුද්ධ නිසා ඉටු වෙනවා. මේ කාලය බයිබලයේ හඳුන්වලා තියෙන්නේ “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” කියලයි.—මතෙව් 24:3.

  •   ‘ඔබට යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත් අසන්න ලැබෙයි. ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි.’—මතෙව් 24:6, 7.

 අද සිද්ධ වෙන යුද්ධවලින් බයිබලයේ තියෙන අනාවැකියක් ඉටු වෙන විදිහ දැනගන්න “‘අවසාන කාලය’ අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද?” කියන ලිපිය බලන්න.

හැම යුද්ධයකටම තිත තියන යුද්ධයක්!

 මිනිස්සු අතරේ ඇති වෙන යුද්ධවලට නිමාවක් එනවා කියලා බයිබලයේ කලින්ම කියලා තියෙනවා. ඒත් කොහොමද ඒක වෙන්නේ? එහෙම දෙයක් මිනිස්සුන්ට නම් කරන්න බැහැ. ඒක වෙන්නේ “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධයෙන්.” ඒ කියන්නේ හර්–මගෙදොන් යුද්දෙන්. (එළිදරව් 16:14, 16) ඒකෙන් පස්සේ මිනිස්සු අතරේ සදහටම සාමය තියෙනවා කියලා දෙවියන් දුන්න පොරොන්දුව ඉටු වෙනවා.—ගීතාවලිය 37:10, 11, 29.

 හැම යුද්ධයකටම තිත තියන දෙවියන්ගේ යුද්ධය ගැන දැනගන්න “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.

a ACLED Conflict Index, “Ranking violent conflict levels across the world,” January 2024