Skip to content

පටුනට යන්න

CreativeDesignArt/DigitalVision Vectors via Getty Images

සෝදිසියෙන් ඉන්න!

ජාති භේද නැති ලොවක් සිහිනයක්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ජාති භේද නැති ලොවක් සිහිනයක්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 හැමෝටම එක වගේ සලකන කාලයක් හුඟදෙනෙක්ට නම් නිකම්ම නිකම් හීනයක් විතරයි.

  •   “ජාතිවාදය කියන මාරාන්තික විස අද සමාජයේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා. අදටත් අසාධාරණකම්වලට තුඩු දෙන ප්‍රධාන හේතුවක් තමයි ජාතිවාදය.”—ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්.

 හැමෝටම එක වගේ සලකන කාලයක් කවදා හරි එයිද? ඒ ගැන බයිබලේ කියන්නේ මොනවාද?

දෙවියන් ඒ ගැන හිතන විදිහ

 විවිධ ජාතිවලට අයිති අය ගැන දෙවියන් හිතන විදිහ බයිබලේ පැහැදිලි කරලා තියෙනවා.

  •   ‘දෙවියන් එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා. ඒ වගේම ඔවුන්ගෙන් මුළු පොළෝතලයම ජනාවාස කළා.’—ක්‍රියා 17:26.

  •   ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’—ක්‍රියා 10:34, 35.

 අපි එකම මුතුන්මිත්තන්ගෙන් පැවතෙන නිසා අපි හැමෝම නෑදෑයෝ කියලත් දෙවියන් හැම ජාතියකටම අයිති අයව එක වගේ පිළිගන්නවා කියලත් බයිබලේ කියනවා.

ජාතිවාදයට නිමාවක්!

 ජාතිවාදය මිනිස්සුන්ගේ හිත්වලින් මුලිනුපුටා දාන්න පුළුවන් වෙන්නේ දෙවියන් ස්වර්ගයේ පිහිටුවලා තියෙන දේවරාජ්‍යය කියලා හඳුන්වන ආණ්ඩුවට විතරයි. අනිත් අයට සලකන්න ඕනෙ හරි විදිහ මොකක්ද කියලා ඒ ආණ්ඩුවෙන් හැමෝටම උගන්වනවා. ජාතිවාදය කියන විස හිතේ කොනක හරි හැංගිලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම අයින් කරගන්නේ කොහොමද කියලා ඉගෙනගන්න හැමෝටම අවස්ථාව ලැබෙනවා.

  •   ‘පොළොවේ වැසියන් ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගන්නෝය.’—යෙසායා 26:9.

  •   “ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි. ධර්මිෂ්ඨ සමාජයක් බිහි වන නිසා ජනයා සදහටම කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව කල් ගෙවනු ඇත.”—යෙසායා 32:17.

 අදත් මිලියන ගාණක් දෙනා අනිත් අයට ගරුසරු ඇතුව සලකන්නේ කොහොමද කියලා බයිබලෙන් ඉගෙනගන්නවා.