Skip to content

පටුනට යන්න

දෙවි පියාණන්ව මිතුරෙක් කරගන්න

යෙහෝවා දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවද?

යෙහෝවා දෙවියන් ඔයා ගැන සැලකිලිමත් වෙනවද?

කාන්තාවක් මෙහෙම කිව්වා. “මගෙන් කිසිම වැඩක් නැහැ. දෙවියන් කවදාවත් මං ගැන සැලකිලිමත් වෙන්නේ නෑ කියලයි මට හිතුණේ. ඒ හැඟීම තමයි දෙවිට ළං වෙන්න මට තිබුණු ලොකුම බාධකය.” ඔයාටත් එහෙම හිතිලා තියෙනවද? එහෙමනම් යේසුස් කියපු දෙයක් ගැන බලමු. එතකොට ඔයාට තේරෙයි දෙවියන් ඔහුගේ හැම සේවකයෙක් ගැනම හුඟක් සැලකිලිමත් කියලා.—යොහන් 6:44 කියවන්න.

යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න අපිව තෝරගෙන තියෙන්නේ දෙවියන් අපි ගැන සැලකිලිමත් නිසයි. (2 තෙසලෝනික 2:13) දෙවියන්ව හොඳින්ම හඳුනගෙන හිටිය යේසුස් කිව්ව දෙයින් ඒක තවත් පැහැදිලි වෙනවා. (ලූක් 10:22) ඔහු කිව්වේ “කෙනෙක් මා ළඟට එන්නේ මාව එවූ මගේ පියාණන් ඔහු තුළ ඒ සඳහා ආශාවක් ඇති කළොත් පමණයි” කියලා. දෙවියන් අපි එක් එක් කෙනා ගැන සැලකිලිමත් කියලා ඒකෙන් පැහැදිලි නැද්ද?

‘ආශාවක් ඇති කරනවා’ කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක ක්‍රියා පදයට ‘අදිනවා’ කියන අර්ථයත් ඇතුළත්. ඒක හරියට ධීවරයෙක් මාළු පිරුණු දැලක් වෙරළට අදිනවා වගේ. (යොහන් 21:6, 11) ඒත් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න දෙවි අපිව බලෙන් කැමති කරවගන්නවා කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. දෙවියන් අපි හැමෝටම තීරණ ගැනීමේ නිදහස දීලා තියෙන නිසා කාටවත් බල කරන්නේ නැහැ. (ද්විතීය කතාව 30:19, 20) විශාරදයෙක් මේ වගේ දෙයක් කිව්වා. “කාටවත් බැහැ කෙනෙක් තුළ බලෙන් ආශාවක් ඇති කරන්න. යම් දේකට කෙනෙක් තුළ ආශාවක් ඇති වෙන්න ඕනේ තමන්ගේ හදවතින්මයි.” එහෙමනම් යේසුස්ගේ ආනුගාමිකයෙක් වෙන්න දෙවියන් කෙනෙක් තුළ ආශාවක් ඇති කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

යෙහෝවා දෙවියන් පොළොවේ ඉන්න හැමෝගෙම සිත් සෝදිසි කරලා බලනවා. එහෙම කරන්නේ ඔහු ගැන දැනගන්න අවංක ආශාවක් තියෙන අයව හොයන්නයි. (1 ලේකම් 28:9) “සත්‍යය පිළිගැනීමට කැමති” අයව දැක්කම තමා වෙතට ළං වෙන්න දෙවියන් ඔවුන්ගේ සිත් පොලඹවනවා. (ක්‍රියා 13:48) ඒ සඳහා දෙවියන් ක්‍රම දෙකක් යොදාගන්නවා. එකක් බයිබලයේ සඳහන් ශුභාරංචිය දැනගැනීමට සැලැස්වීමයි. අනික දෙවියන් තම බලය ලබා දීමයි. කෙනෙක් බයිබලයේ තියෙන පණිවිඩයට සවන් දීලා හොඳ ප්‍රතිචාරයක් දක්වද්දී බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්නත් ඒවා ජීවිතේට අදාළ කරගන්නත් දෙවියන් තම බලය මාර්ගයෙන් එයාට උදව් කරනවා. (1 කොරින්ති 2:11, 12) අපිට ඒ විදිහට දෙවිගේ උදව් ලැබුණේ නැත්නම් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.

“කාටවත් බැහැ කෙනෙක් තුළ බලෙන් ආශාවක් ඇති කරන්න. යම් දේකට කෙනෙක් තුළ ආශාවක් ඇති වෙන්න ඕනේ තමන්ගේ හදවතින්මයි”

යොහන් 6:44 සඳහන් දෙයින් අපිට දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවද? එතන කියන විදිහට කෙනෙක්ගේ හිත සෝදිසි කරලා හිතේ ඇති හොඳ දෙයක් දැක්කම තමයි දෙවියන් තමාට ළං වෙන්නත් යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්නත් ඒ කෙනා තුළ ආශාවක් ඇති කරන්නේ. දෙවියන් අපි හැම කෙනෙක් ගැනම සැලකිලිමත් කියලා ඒකෙන් තේරෙනවා. මේ ලිපියේ මුලින්ම සඳහන් කළ කාන්තාව ඒක තේරුම්ගත්තට පස්සේ ලොකු සැනසීමක් ලැබුවා. ඇය මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවිගේ සේවකයෙක් වෙන එක තමයි කෙනෙක්ගේ ජීවිතේ ලබන්න පුළුවන් වටිනාම දේ. දෙවිට මාව වටින නිසයි ඔහුගේ සේවකයෙක් වෙන්න මාව තෝරගත්තේ.” ඒ ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? යෙහෝවා දෙවි තමන්ට නමස්කාර කරන එක් එක් පුද්ගලයා ගැන සැලකිලිමත් වෙනවා කියලා දැනගත්තම දෙවිට ළං වෙන්න ඔයා තුළත් පෙලඹීමක් ඇති වෙන්නේ නැද්ද?

මැයි මාසයට නියමිත බයිබල් කියවීම

ලූක් 22-24 සිට යොහන් 1-16 දක්වා