Skip to content

පටුනට යන්න

නොසන්සුන් ලොවක

4 | බලාපොරොත්තුව රැකගන්න

4 | බලාපොරොත්තුව රැකගන්න

ඒක වැදගත් වෙන්නේ ඇයි?

ලෝකෙ සිද්ධ වෙන නොසන්සුන් දේවල් නිසා ඇති වෙන කනස්සල්ලෙන් ගතත් හිතත් ලෙඩ වෙන්න පුළුවන්. හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තිබුණා නම් ඒකත් සුනුවිසුනු වෙලා යන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙද්දී . . .

  • සමහරු හෙට දවස ගැන හිතන්නවත් කැමති නැහැ.

  • තවත් අය පීඩනය නැති කරගන්න මත්පැන් සහ මත්ද්‍රව්‍යවල පිහිට පතනවා.

  • ටිකදෙනෙක් “මෙහෙම ජීවත් වෙලා මොකටද” කියලා හිතලා ජීවිතය පවා නැති කරගන්නවා.

දැනගන්න ඕන දේ

  • ඔයා ඉස්සරහා තියෙන කඳු වගේ ප්‍රශ්න හිතන්නෙවත් නැති තරම් ඉක්මනින් සමතලා වෙයි.

  • ප්‍රශ්න හිතන තරම් ඉක්මනට විසඳුණේ නැතත් ඒවාත් එක්ක හැප්පෙන්න ඔයාට කරන්න පුළුවන් දේවල් තියෙනවා.

  • මිනිසුන් මුහුණ දෙන හැම ප්‍රශ්නෙකටම ස්ථිර විසඳුමක් ලැබෙන කාලයක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.

කරන්න පුළුවන් දේ

බයිබලයේ මෙහෙම කියනවා: “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34.

දවසේ කරදර දවසට සෑහේ. හෙට දවස ගැන ළත වෙන්න ගියොත් අද දවසේ කරන්න තියෙන දේවලුත් හරියට කරගන්න බැරි වෙයි.

හෙට දවසේ වෙයි කියලා හිතෙන දේවල් ගැන අද ඕනාවට වඩා කරදර වුණොත් ලස්සන හෙටක් ගැන ඔයාට තියෙන බලාපොරොත්තුව බොඳ වෙලා යයි.

ජීවිතයට සැබෑ බලාපොරොත්තුවක්

අතීතයේ හිටපු ගීත රචකයෙක් දෙවියන්ට කරපු යාච්ඤාවකදී මෙහෙම කියලා තියෙනවා. “ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය. මා යන මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) බයිබලය ජීවිතය ආලෝකවත් කරන්නේ කොහොමද?

බයිබලය හරියට අඳුරු පාරක යන්න උදව් වෙන එළියක් වගේ. ඒ ආලෝකය ජීවන ගමනේ අඩිය තියන්න ඕන තැන් හඳුනගෙන හොඳ තීරණ ගන්න අපිට උදව් වෙනවා.

ඒ ආලෝකය ඉස්සරහා තියෙන දේවල් දැකගන්නත් අපිට උදව් වෙනවා. ඒ වගේ, බයිබලයෙන් අපේ අනාගතය ගැන දැනගන්න පුළුවන්.