Skip to content

පටුනට යන්න

මගේ බල්ලෝ දෙන්නාට විස්කෝතු

මගේ බල්ලෝ දෙන්නාට විස්කෝතු

ඇමරිකාවේ ඔරිගන්වල ඉන්න නික් එයාගේ අද්දැකීම මෙහෙම ලියලා එව්වා. “ඒ 2014 වසන්ත කාලේ දවසක්. වෙනදා වගේම මං මගේ බල්ලෝ දෙන්නාත් එක්ක ටවුමේ ටිකක් ඇවිදින්න ගියා. සාක්ෂිකරුවන් එදත් හොඳට ඇඳලා කරලා සඟරා පුරවපු කාට් තියාගෙන ටවුමේ හිටගෙන හිටියා. එයාලා ඉතින් කොහොමත් යන එන අයත් එක්කලා කට පුරාම හිනා වෙන කට්ටියනේ!

“සාක්ෂිකරුවන් මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් හරිම ආදරෙයි. එදා මං එයාලගේ කාට් එක ගාවින් යද්දී එතන හිටපු කෙනෙක් මගේ පුංචි බල්ලෝ දෙන්නාට විස්කෝතු දුන්නා. එයාගේ නම ඉලේන්. එදා ඉඳන් එතනින් යන එන හැම වතාවකම බල්ලෝ දෙන්නා මාවත් ඇදගෙන කාට් එක ළඟට දුවනවා විස්කෝතු කන්න.

“ඔන්න ඔහොම මාස ගාණක් ගියා. ඔය විදිහට අපේ දෙන්නා බිස්කට් කනවා. මමත් ඉතින් පොඩ්ඩක් එහෙන් මෙහෙන් සාක්ෂිකරුවන් එක්ක කතා කරනවා. එහෙමයි කියලා මං ඕනෑවට වඩා කිට්ටු වෙන්න ගියෙත් නැහැ. මොකද සාක්ෂිකරුවන් ගැන මං හරියටම දැනන් හිටියේ නැහැ. එතකොට මට අවුරුදු 70ත් පැනලා. මං ගොඩක් පල්ලිවලට ගිහිල්ලා තියෙනවා. ඒ පල්ලිවල සිද්ධ වෙන දේවල් දැකලා මං හොඳටම කලකිරිලයි හිටියේ. ඒ නිසා පාඩුවේ ගෙදරට වෙලා තනියම බයිබලේ කියවගෙන ඉන්න එක ඇඟට ගුණයි කියලා මට හිතුණා.

“ඔය අතරේ ටවුමට යන එන හැම වතාවකම සාක්ෂිකරුවන් තැනින් තැන කාට් තියාගෙන ඉන්නවා මං දැක්කා. අපරාදේ කියන්න බැහැ එයාලා දැක්ක තැන හිනා වෙනවා. හරිම හොඳ මිනිස්සු. මං අහපු හැම ප්‍රශ්නෙකටම එයාලා මට බයිබලෙන් උත්තර දුන්නා. ඒ නිසා ඒගොල්ලෝ ගැන මගේ හිතේ ටිකෙන් ටික පැහැදීමක් ඇති වුණා.

“දවසක් ඉලේන් මගෙන් ඇහුවා, ‘සත්තු කියන්නේ දෙවියන් අපිට දීපු තෑග්ගක් කියලා ඔයා හිතනවාද’ කියලා. ‘ඔව් අනිවාර්යයෙන්ම’ කියලා මං කිව්වා. ඊටපස්සේ එයා මට යෙසායා 11:6-9 පෙන්නුවා. එදා තමයි මුල්ම වතාවට සත්‍යය මගේ හිතට තට්ටු කළේ. ඒත් ඒ වෙද්දිත් සාක්ෂිකරුවන්ගේ පොත් පත් කියවන්න මම කැමැති වුණේ නැහැ.

“ඒ සිද්ධියෙන් පස්සේ මං ටවුමට යන එන වෙලාවට ඉලේනුයි එයාගේ මහත්තයා බ්‍රෙන්ට් එක්කයි බයිබලේ ගැන ටිකක් කතා කළා. දවසක් එයාලා මට හොඳ යෝජනාවක් දුන්නා. එයාලා කිව්වා, යේසුස්ව තවත් හොඳින් ආදර්ශයට ගන්න මතෙව් ඉඳලා ක්‍රියා වෙන කල් කියවන එක ගොඩක් හොඳයි කියලා. මාත් ඉතිං ඒක කළා. ඊටපස්සේ වැඩි කාලයක් යන්න කලින් ඒ දෙන්නාත් එක්ක මං බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. ඒ 2016 ග්‍රීෂ්ම කාලයේ.

“බයිබල් පාඩම කරන දවස එන කල් මං ඇඟිලි ගැන ගැන හිටියේ. මං රැස්වීම්වලට ගියෙත් හරි ආසාවෙන්. බයිබලේ ගැන හරියටම තේරුම්ගන්න මටත් පුළුවන් වුණ එක ගැන මං හිටියේ පුදුම සතුටකින්. කොහොමහරි ඊට අවුරුද්දකට විතර පස්සේ මං බව්තීස්ම වුණා. මට දැන් 79යි! දැන් මං දන්නවා මං ඉන්නේ හරි පාරේ කියලා. යෙහෝවා දෙවියන් මාවත් ඔහුගේ පවුලට එකතු කරගත්ත එක ගැන මං හැමදාමත් ඔහුට ණයගැතියි.”