Skip to content

පටුනට යන්න

වියෝදුකට සහනයක්!

වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!

වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක්!

මෑත කාලවලදී හුඟදෙනෙක් වියෝදුක ගැන අධ්‍යයනය කරන්න පෙලඹිලා තියෙනවා. හැබැයි දක්ෂම විද්වතුන් හොයාගෙන තියෙන අදහස් බයිබලයේ කලින්ම සඳහන් වෙලා තිබුණා. ඒකෙන් හොඳින්ම පැහැදිලි වෙනවා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් කවදාවත් යල් පනින්නේ නැහැ කියලා. වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක් ගෙන දෙන, වෙන කිසිම තැනකින් හොයාගන්න බැරි තොරතුරු බයිබලයේ තියෙනවා. පහත තියෙන්නේ ඒවායින් කිහිපයක්.

  • මැරුණු අය දුක් විඳින්නේ නැහැ

    දේශනාකාරයා 9:5 කියනවා “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියලා. එයාලගේ ‘කල්පනාව නැති වෙලා’ යනවා. (ගීතාවලිය 146:4) බයිබලයේ මරණය සමාන කරලා තියෙන්නේ තද නින්දකට.—යොහන් 11:11.

  • අපිට ආදරේ කරන දෙවි කෙනෙක් ඉන්නවා

    බයිබලයේ ගීතාවලිය 34:15 කියනවා “යෙහෝවා * දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ අයැදීම් වෙතටත් යොමු වී තිබේ” කියලා. හැම දෙයක්ම නිර්මාණය කරපු යෙහෝවා දෙවියන්ට අපේ හිතේ තියෙන දුක කියද්දී තමයි අපිට නියම සහනයක් ලැබෙන්නේ. මොකද එහෙම කරද්දී ඔහුගේ යාළුවෙක් වෙන්න අපිට අවස්ථාවක් ලැබෙන නිසා ඔහුගෙන් අපිට අවශ්‍ය ශක්තිය, සැනසීම ලබාගන්න පුළුවන් වෙනවා.

  • අනාගතය ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියෙනවා

    මිය ගිය අයට ආයෙත් ජීවිතය ලැබෙන කාලයක් ගැන හිතින් මවාගන්න. අනාගතයේදී දෙවියන් ඒ වගේ දෙයක් කරනවා කියලා බයිබලයේ කිහිප වතාවක්ම පොරොන්දු වෙලා තියෙනවා. ඒ කාලයේ අද්දකින ආශීර්වාද ගැන එක තැනක මෙහෙම සඳහන් වෙලා තියෙනවා. “දෙවි [අපේ] ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.

මිය ගිය අයට ආයෙත් ජීවිතය දෙනවා කියලා යෙහෝවා දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දුව ඔහුට නමස්කාර කරන අයට වියෝදුක දරාගන්න උදව් වෙනවා. උදාහරණෙකට වැන්දඹුවක් වන ඈන්ගේ අද්දැකීම බලන්න. “කෙනෙක් මැරුණාට පස්සේ දුක් විඳින්නේ නැහැ. දෙවියන් ඔහුගේ මතකයේ ඉන්න අයට ආයෙත් ජීවිතය දෙනවා. බයිබලයේ කියලා තියෙන ඒ දේවල් මතක් කරගන්න එක මගේ සැමියා නැති දුක දරාගන්න මට හුඟක් උදව් වෙලා තියෙනවා.”

මේ සඟරාවේම කලින් ලිපියක සඳහන් වුණු ටීනා මෙහෙම කියනවා. “ටීමෝ මැරුණ දවසේ ඉඳන්ම මට දැනුණේ යෙහෝවා දෙවියන් මගේ ළඟින්ම ඉඳන් මට උදව් කරනවා කියලයි. මැරුණු අයට ආයෙත් ජීවිතය දෙනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දුවත් මට ලොකු ශක්තියක් වෙලා තියෙනවා. ඒ දවස හිතින් මවාගන්න එක මට උදව් වෙනවා දුක දරාගෙන ඉන්න.”

බයිබලයේ තියෙන තොරතුරු විශ්වාස කරන මිලියන ගාණක් සෙනඟ ඒ දේ අද්දැකලා තියෙනවා. ඒත් බයිබලය කියන්නේ නිකම්ම සුරංගනා කතා පොතක් කියලා ඔයාට හිතෙනවාද? එහෙනම් බයිබලයේ තියෙන තොරතුරු ඇත්තයි කියලා පිළිගන්න තියෙන සාක්ෂි ගැන ඔයාම හොයලා බලන්න. වියෝදුකින් ඉන්න අයට සැබෑ සහනයක් ලැබෙන්නේ බයිබලයෙන් විතරයි කියලා තේරුම්ගන්න ඒක ඔයාට උදව් වෙයි.

මැරුණු අය ගැන බයිබලයේ තියෙන පොරොන්දුව ගැන තවත් දැනගන්න

jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ බලන්න.

මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙනවා කියලා බයිබලයේ පොරොන්දු වෙලා තියෙනවා

මැරුණට පස්සේ මොකද වෙන්නේ?

කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ? බයිබලයේ ඒ ගැන කියන දේ අපිට ලොකු සහනයක්

ලයිබ්‍රරි >වීඩියෝ යටතේ බලන්න (වීඩියෝ යටතේ ඇති බයිබලය)

හොඳ පණිවිඩයක් දැනගන්න ආසද?

නරක ආරංචි පිරුණු මේ කාලේ හොඳ පණිවිඩයක් දැනගන්න පුළුවන් කොහෙන්ද?

බයිබල් ඉගැන්වීම් > සතුට සහ සාමය යටතේ බලන්න

^ සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.