Skip to content

පටුනට යන්න

දස දෙසින්

බැඳීම් ගැන විපරමක්

බැඳීම් ගැන විපරමක්

අනිත් අයත් එක්ක හොඳ බැඳීමක් තියාගන්න උදව් වන උපදෙස් ලබාගන්න ඕන වුණාම ඔයාට බයිබලය මතක් වෙනවාද? මෑතකදී හොයාගත්ත තොරතුරු එක්ක බයිබලයේ තියෙන ප්‍රඥාවන්ත උපදෙස් සන්සන්දනය කරලා බලන්න.

ඉන්දියාව

2014දී අවුරුදු 18ත් 25ත් අතර තරුණ අය යොදාගෙන කරපු සමීක්ෂණයකදී 61%ක් කිව්වේ “විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදි නැහැ” කියලයි. ඒ ගැන මුම්බායිවල ඉන්න වෛද්‍යවරයෙක් කිව්වෙත් මෙහෙමයි. “අද ඉන්න තරුණ අය සම්බන්ධයක් පටන්ගන්නේ විවාහ වෙන අරමුණෙන් නෙමෙයි. එක දවසක් එකට හිටියත්, දවස් කිහිපයක් එකට හිටියත් අවුරුදු ගාණක් එකට ජීවත් වුණත් විවාහ වෙන්න ඕන කියලා එයාලා හිතන්නේ නැහැ.”—Hindustan Times.

ටිකක් හිතන්න. ලිංගිකව බෝ වෙන රෝග සහ මානසික පීඩනය ගැන අපිට වැඩිපුර අහන්න ලැබෙන්නේ විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පවත්වපු අය ගැන කතා කරද්දිද? නැත්නම් විවාහක අය ගැන කතා කරද්දිද?—1 කොරින්ති 6:18.

ඩෙන්මාර්කය

කෝපන්හේර්ගන් විශ්වවිද්‍යාලයෙන් මැදි වියේ පුද්ගලයන් 10,000ක් විතර, අවුරුදු 11කට වැඩි කාලයක් පුරා අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයෙන් හෙළි වුණේ තමන්ට කිට්ටු අයත් එක්ක නිතරම වාද ඇති කරගත්ත අය, ඉඳලා හිටලා වාද ඇති කරගත්ත අයට වඩා කලින් මිය ගිහින් තියෙනවා කියලයි. ඒ අධ්‍යයනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වුණේ “වාද විවාද ඇති වෙද්දී ඒ තත්වයන් පාලනය කරගෙන සාර්ථකව ප්‍රශ්න විසඳගන්නවා නම් අකල් මරණ අවම කරගන්න පුළුවන්” කියලයි.

බයිබලයේ කියන දේ: “දිව පාලනය කරගන්න තැනැත්තා දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන්නේය. වටහාගැනීමේ ශක්තිය ඇති මිනිසා කලබල නොවන්නේය.”—හිතෝපදේශ 17:27.

එක්සත් ජනපදය

යාළු වෙලා ඉන්න කාලේ සැරින් සැරේ වෙන් වෙන අය විවාහ වුණාමත් මුල් අවුරුදු 5 ඇතුළත ප්‍රශ්න ඇති කරගෙන වෙන් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා ලුසියානාවල අලුත විවාහ වුණු යුවළයන් 564ක් යොදාගෙන කරපු සමීක්ෂණයකින් හෙළි වුණා.

බයිබලයේ කියන දේ: “දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.”—මතෙව් 19:6.