1 කොරින්ති 13:1-13

13  මා මිනිසුන්ගේ හා දේවදූතයන්ගේ භාෂා කතා කළත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මගෙන් කිසි පලක් නැත. එවිට මගේ හඬ පිත්තල තැටියකින් හෝ අත්තාළමකින් නැඟෙන හඬට සමානය.+  මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+  මට අයිති සෑම දෙයක්ම මා මහත් ආඩම්බරයකින් අනුන්ව පෝෂණය කිරීමට පරිත්‍යාග කළත්+ මගේ ජීවිතය දුන්නත්+ මා තුළ ප්‍රේමය නැත්නම්+ මා කළ දෙයෙහි කිසි වටිනාකමක් නැත.  ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා+ බොහෝ ඉවසිලිවන්තය,+ කරුණාවන්තය.+ ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත.+ ඔහු තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත.+ අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත.+  ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත.+ තමාගේම වාසිය සොයන්නේ නැත.+ ඉක්මනින් කෝප වන්නේ නැත.+ ඔහු අමනාපයක් සිතේ තබාගන්නේ නැත.+  ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත.+ ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි.+  ඔහු සියල්ල ඉවසා දරාගනියි.+ සියල්ල විශ්වාස කරයි.+ සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි.+ සියල්ල විඳදරාගනියි.+  ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය.*+ නමුත් අනාවැකි කීමේ දීමනාව නැති වී යයි. වෙනත් භාෂාවලින් කතා කිරීමේ දීමනාවද නැති වෙයි. දැනුම තිබුණත් එයද නැති වනු ඇත.+  මන්ද අපට පූර්ණ දැනුමක් නැත.+ අප අනාවැකි පැවසුවත් එහි සියලුම තොරතුරු අඩංගු වී නැත.+ 10  නමුත් අපට පූර්ණ දැනුමක් ලැබෙන විටත් සියලුම තොරතුරු හෙළි කරමින් අනාවැකි පවසන විටත්+ කලින් තිබූ දැනුමත් කලින් පැවසූ අනාවැකිත් නැති වී යනු ඇත. 11  මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළෙත් යම් දේවල් ගැන සිතුවෙත් අවබෝධ කරගත්තෙත් කුඩා දරුවෙකු ලෙසය. නමුත් මා දැන් වැඩිහිටියෙකි.+ එහෙයින් කුඩා දරුවෙකුට තිබෙන ගතිලක්ෂණ මම අහක දමා ඇත. 12  දැනට අප දකින දේ අපැහැදිලිය. එය ලෝහ කැඩපතකින් යමක් දෙස බලනවා හා සමානය.+ නමුත් ඉදිරියේදී පැහැදිලිව* දැකගන්න අපට හැකි වනු ඇත.+ දැනට මට පූර්ණ අවබෝධයක් නැත. නමුත් දෙවි මාව හොඳින් දැන හඳුනන ආකාරයටම මටත් ඒ කාලයේදී සියල්ල ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත.+ 13  දිගටම පවතින්නේ විශ්වාසය, බලාපොරොත්තුව හා ප්‍රේමයයි. නමුත් ඒවායින් උතුම්ම එක වන්නේ ප්‍රේමයයි.+

පාදසටහන්

හෝ, “කිසි කලක පහව යන්නේ නැත.”
මූ.අ., “මුහුණට මුහුණ ලා.”