ගීතාවලිය 13:1-6

සංගීත අධ්‍යක්ෂක වෙතය. දාවිත් රචනා කළ ගීතයකි. 13  යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට මාව අමතක කරන්නෙහිද?+ සදහටම ඔබ එසේ කරන්නෙහිද?+ඔබ කොපමණ කාලයක් මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගෙන සිටින්නෙහිද?+   කොපමණ කල් මා තනිව ගැටලු සමඟ පොරබදන්නද?දවස මුළුල්ලෙහි ශෝකයෙන් සිටින මා තව කොපමණ කාලයක් මේ දුක ඉවසන්නද?තව කොපමණ කාලයක් මාගේ සතුරා මාව යටපත් කරගෙන සිටීවිද?+   මාගේ දෙවි යෙහෝවා, මා දෙස බලන්න. මට පිළිතුරු දෙන්න.මා මරණ නින්දට නොයන පිණිස+ මාගේ විඩාබර දෙනෙත් නැවත ප්‍රාණවත් කරන්න.+   “මම ඔහුව පරාජය කළා” කියා මාගේ සතුරා නොකියන පිණිසත්මාගේ වැටීම දැක මාගේ විරුද්ධකරුවන් ප්‍රීති නොවන පිණිසත් එසේ කරන්න.+   ඔබේ මහත් ප්‍රේමය* ගැන මම විශ්වාස කළෙමි.+ඔබ දෙන ගැලවීම ගැන මාගේ සිත ප්‍රීති වෙයි.+   යෙහෝවා දෙවියනි, ඔබ මට බොහෝ සෙයින් ආශීර්වාද කර තිබෙන නිසා මම ඔබට ප්‍රශංසා ගී ගයන්නෙමි.+

පාදසටහන්

හෝ, “ළැදි ප්‍රේමය.”