බයිබලය - එහි පණිවිඩය කුමක්ද?

බයිබලයේ තියෙන ප්‍රධාන පණිවිඩය මොකද්ද?

බයිබලයේ සඳහන් දේ ඔබට ප්‍රයෝජනවත්ද?

ලෝකෙ වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත වන බයිබලය ගැන වටිනා තොරතුරු ටිකක් හොයලා බලන්න.

1වන පාඩම

දෙවි මිනිසාට කදිම ආරම්භයක් ලබා දෙයි

මිනිසුන්ගේ ආරම්භය ගැන බයිබලයේ විස්තර කරලා තියෙන්නේ කොහොමද? මුල් යුවළට දෙවියන් දුන්න ආඥාව මොකද්ද?

2වන පාඩම

ඒදන් උයනෙන් පිටමං කරයි

ආදම් සහ ඒව කළ වරදට දඬුවම නියම වුණත් ඔවුන්ගෙන් බිහි වන අයට බලාපොරොත්තුවක් දුන්නා. ඒ මොකක්ද?

3වන පාඩම

මහා ජලගැල්මක්

පොළොවේ දුෂ්ටකම පැතිරුණේ කොහොමද? තමන් දෙවියන්ට විශ්වාසවන්ත බව නෝවා පෙන්නුවේ කොහොමද?

4වන පාඩම

දෙවි ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගනියි

ආබ්‍රහම් කානාන් නම් දේශයේ පදිංචියට ගියේ ඇයි? යෙහෝවා දෙවි ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම මොකද්ද?

5වන පාඩම

දෙවි ආබ්‍රහම්ට හා ඔහුගේ පෙළපතට ආශීර්වාද කරයි

ඊසාක්ව පූජා කරන්න කියලා යෙහෝවා දෙවි ආබ්‍රහම්ට කියපු එකෙන් ඔහු පෙන්වන්න උත්සාහ කළේ මොකද්ද? මිය යන්න කලින් යාකොබ් කියපු අනාවැකිය මොකද්ද?

6වන පාඩම

යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියි

දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න, දේවදූතයන්ට හා මිනිස්සුන්ට පුළුවන් කියන එක යෝබ් පොතෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

7වන පාඩම

දෙවි ඊශ්‍රායෙල් සෙනඟව ගලවාගනියි

ඊජිප්තුවේ වහලුන් විදිහට හිටපු ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගන්න දෙවියන් මෝසෙස්ව යොදාගත්තේ කොහොමද? ඊශ්‍රායෙල් සෙනඟ පාස්කු උත්සවය සමරන්නේ ඇයි?

8වන පාඩම

ඊශ්‍රායෙල් සෙනඟ කානාන් දේශයට ඇතුල් වෙයි

ඊශ්‍රායෙල්වරු කානාන් දේශයට ඇතුල් වෙද්දී රාහබ්ව සහ එයාගේ පවුලේ අයව යෙහෝවා දෙවි බේරගත්තේ ඇයි?

9වන පාඩම

ඊශ්‍රායෙල් සෙනඟ රජෙකුව ඉල්ලයි

ඊශ්‍රායෙල්වරුන් රජ කෙනෙකුව ඉල්ලුවම යෙහෝවා දෙවි සාවුල්ව තෝරගත්තා. ඒත් පස්සේ සාවුල් වෙනුවට දාවිත්ව රජකමට පත් කළේ ඇයි?

10වන පාඩම

ප්‍රඥාවන්ත රජෙක්

සලමොන්ගේ ප්‍රඥාව ගැන දැනගන්න තියෙන උදාහරණ සමහරක් මොනවද? ඔහු යෙහෝවා දෙවිගෙන් ඈත් වුණාට පස්සේ මොනවද වුණේ?

11වන පාඩම

සැනසීම හා මඟ පෙන්වීම් ලබා දෙන ගීතිකා

දෙවියන්ට ආදරය කරන අයට ඔහු සහනය සහ උපකාරය ලබාදෙනවා කියලා පැහැදිලි වෙන්නේ මොන ගීතිකාවලින්ද? සලමොන්ගේ ගීතිකාවේ සඳහන් වෙන්නේ රජ තේරුම්ගත්ත මොන දේද?

12වන පාඩම

ප්‍රඥාවන්ත ඔවදන්

හිතෝපදේශ පොතේ සහ දේශනාකාරයා පොතේ තියෙන මඟ පෙන්වීම් දෙවියන් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්නත් සන්තෝෂවත් ජීවිතයක් ගත කරන්නත් උපකාරවත් වන විදිහ දැනගන්න.

13වන පාඩම

හොඳ රජවරු සහ නරක රජවරු

ඊශ්‍රායෙලයේ පාලනය රාජ්‍යයන් දෙකකට බෙදුණේ කොහොමද?

14වන පාඩම

දෙවි තම සෙනඟව දැනුවත් කරයි

අනාගතවක්තෘවරුන් කියපු පණිවිඩවල ඇතුළත් ප්‍රධාන කරුණු මොනවද? කරුණු 4ක් ගැන කියවලා බලන්න.

15වන පාඩම

අනාගතය ගැන විශිෂ්ට එළිදරව්වක්

ගැලවුම්කරු සහ දෙවිගේ රාජ්‍යය ගැන දානියෙල් දැනගත්තේ මොනවද?

16වන පාඩම

පොරොන්දු වූ ගැලවුම්කරු පැමිණෙයි

යෙහෝවා දෙවි දේවදූතයන් සහ යොහන් බව්තීස්ත මාර්ගයෙන් ගැලවුම්කරු යේසුස් කියලා හඳුන්වලා දුන්නේ කොහොමද? යෙහෝවා දෙවිම තමන්ගේ පුතා ගැලවුම්කරු කියලා පෙන්නුම් කළේ කොහොමද?

17වන පාඩම

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන උගන්වයි

යේසුස් වැඩියෙන්ම කතා කළේ මොකක් ගැනද? තමන්ගේ පාලනය යුක්තිසහගතයි කියලත් ප්‍රේමය මත පදනම් කියලත් යේසුස් පෙන්නුවේ කොහොමද?

18වන පාඩම

යේසුස් ආශ්චර්යවත් ක්‍රියා කරයි

යේසුස් කරපු ආශ්චර්යවත් ක්‍රියාවලින් ඔහුගේ බලය සහ පාලනය ගැන පැහැදිලි වෙන්නේ මොකද්ද?

19වන පාඩම

යේසුස් අවසන් කාලය ගැන කතා කරයි

යේසුස් ඔහුගේ නියෝජිතයන්ට දුන්න ලකුණ, කුමන දේවලට සාක්ෂියක්ද?

20වන පාඩම

යේසුස්ව මරණයට පත් කරයි

යේසුස්ව මරණයට පත් කරන්න කලින් දා රාත්‍රියේදී පවත්වපු අලුත් සැමරීම මොකක්ද?

21වන පාඩම

යේසුස්ව නැවත නැඟිටුවයි

දෙවියන් යේසුස්ව නැවත නැඟිටුවලා තියෙනවා කියලා ගෝලයන් දැනගත්තේ කොහොමද?

22වන පාඩම

යේසුස්ගේ ගෝලයෝ නිර්භීතව දේශනා කරයි

පෙන්තකොස්ත දවසේදී වුණේ මොනවද? යේසුස්ගේ ගෝලයන් කරපු දේශනා සේවයට විරුද්ධවාදීන් ප්‍රතිචාරය දැක්වුවේ කොහොමද?

23වන පාඩම

ශුභාරංචිය දසත පැතිරෙයි

පාවුල් ලිස්ත්‍රාවේ කෙනෙක්ව සුව කළාට පස්සේ මොකද වුණේ? පාවුල්ව රෝමයට අරන් ගියේ ඇයි?

24වන පාඩම

පාවුල් සභාවන්ට ලියූ ලිපි

සභාව නිසි විදිහට සංවිධානය කිරීම ගැන පාවුල් දුන්නේ මොන වගේ උපදෙස්ද? පොරොන්දු වුණ ගැලවුම්කරු ගැන ඔහු කිව්වේ මොනවද?

25වන පාඩම

විශ්වාසය, යහපත් හැසිරීම හා ප්‍රේමයේ ඇති වැදගත්කම

දෙවියන් කෙරෙහි තියෙන විශ්වාසය කෙනෙකුට පෙන්වන්න පුළුවන් කොහොමද? දෙවියන්ට ප්‍රේම කරනවා කියලා කෙනෙකුට පෙන්වන්න පුළුවන් කොහොමද?

26වන පාඩම

පොළොව නැවතත් පාරාදීසයක් වෙයි

බයිබලයේ තියෙන පණිවිඩය එළිදරව් පොත මගින් සම්පූර්ණ වෙන්නේ කොහොමද?

බයිබලයේ පණිවිඩය - සාරාංශයක්

මේපොළොව පාරාදීසයක් කරන්න නියමිත යේසුස් තමයි, පොරොන්දු වුණ ගැලවුම්කරු කියලා යෙහෝවා දෙවි ක්‍රමානුකූලව හෙළි කළේ කොහොමද?

කාල රේඛාව

බයිබලයේ සඳහන් වන ඉතිහාසයට අනුව ක්‍රි.පූ. 4026 ඉඳන් ක්‍රි.ව. 100 දක්වා සිද්ධීන් සලකා බලන්න.