Skip to content

බයිබලයේ වටිනා තොරතුරු නිව් යෝර්ක් නගරයේ ආදිවාසීන්ටත්

බයිබලයේ වටිනා තොරතුරු නිව් යෝර්ක් නගරයේ ආදිවාසීන්ටත්

හුඟක් අය හිතන්නේ ඇමෙරිකාවේ ආදිවාසීන් ජීවත් වෙන්නේ පිටිසර පළාත්වල විතරයි කියලා. එත් ඇත්තම කියනවා නම් එයාලගෙන් සියයට 70කට වඩා ජීවත් වෙන්නේ නගරබද පළාත්වල. ඇමෙරිකාවේ විශාලම නගරය වන නිව් යෝර්ක්වල 2015 ජූනි මාසයේ දින තුනක් පුරා ආදිවාසීන් වෙනුවෙන් විශේෂ උත්සවයක් (Gateway to Nations) පැවැත්තුවා. * මේ ගැන දැනගත්ත නිව් යෝර්ක්වල හිටිය සාක්ෂිකරුවන් මේ උත්සවයට සහභාගි වෙන්න සැලසුම් යෙදුවා. ඒ ඇයි? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් පොත් පත් පරිවර්තනය කරන භාෂා සිය ගණනට ඇමෙරිකාවේ ආදිවාසීන්ගේ භාෂාත් ඇතුළත්. බ්ලැක්ෆුට්, ඩැකෝටා, හෝපි, මොහාව්ක්, නවාජෝ, ඔඩාවා සහ ප්ලේන්ස් ක්‍රී ඒ භාෂාවලින් කිහිපයක්. සාක්ෂිකරුවන් ඒ භාෂාවලින් තියෙන පොත් පත් මේ උත්සවයේදී ප්‍රදර්ශනය කරලා තිබුණා. ආදිවාසීන්ගේ භාෂාවෙන් ලබාගන්න පුළුවන් විශේෂ පත්‍රිකාවකුත් ඒ පොත් පත් අතර තිබුණා. ප්‍රදර්ශනයට තියලා තිබුණ මේ පොත් පත් ආපු අයගේ අවධානයට ලක් වුණා.

මේක ආදිවාසීන් වෙනුවෙන් පවත්වපු උත්සවයක් වුණත් දැන්වීම් සහ වැඩසටහන්වලට සම්බන්ධ දේවල් තිබුණේ ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඒත් අපේ නිල වෙබ් අඩවියේ ඇමරිකානු ආදිවාසීන්ගේ භාෂාවලින් පොත් පත්, විඩීයෝ පවා තියෙනවා. සාක්ෂිකරුවන් මේ විඩීයෝ කිහිපයක්ම උනන්දුව පෙන්නපු අයට බලන්න සැලස්සුවා. තමන්ගෙම භාෂාවෙන් මේ විඩීයෝ බලන්න ලැබුණ එක ගැන ඒ අය පුදුම වුණා.

මේ උත්සවයට සහභාගි වුණු හුඟක් අය සාක්ෂිකරුවන් ආදිවාසීන්ගේ භාෂාවලට පොත් පත් පරිවර්තන කරලා තියෙන එක ගැන සතුටු වුණා. ඒ වගේම ඔවුන් වෙහෙස මහන්සිය නොබලා පිටිසර පළාත්වලට ගිහින් කරන බයිබල් අධ්‍යාපන වැඩකටයුතුත් අගය කළා. සාක්ෂිකරුවන් කරන සේවය ගැන තොරතුරු දැනගත් උත්සවයේ වැඩකටයුතුවලට සම්බන්ධ කෙනෙක් බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න ආසයි කියලා ඔවුන්ට කිව්වා.

මේ උත්සවයට ආපු ආදිවාසීන් අතර හිටපු බිහිරි යුවළක් සාක්ෂිකරුවන් ප්‍රදර්ශනය කරලා තිබුණ පොත් පත් බලන්න ආවා. ඒ වෙලාවේ සංඥා භාෂාව දන්න සාක්ෂිකරුවෙක් බයිබලයේ පණිවිඩය එයාලට පැහැදිලි කළා. සංඥා භාෂාවෙන් පවත්වන සමුළුව ගැනත් තොරතුරු එයාලට ලබා දුන්නා.

සාක්ෂිකරුවන් 50දෙනෙක්ට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වෙලා කරපු මේ බයිබල් අධ්‍යාපන වැඩසටහනේදී පොත් පත් 150කට වඩා වැඩි ප්‍රමාණයක් ආපු අයට ලබා දෙන්න එයාලට පුළුවන් වුණා.

^ 2 ඡේ. මානව විද්‍යාඥයෙක් වන විලියම් කේ. පවර්ස් විස්තර කරන විදිහට වර්තමානයේ පවත්වන මේ උත්සවයේදී හැමෝම එකතු වෙලා ආදිවාසීන්ගේ ක්‍රමයට සින්දු කියමින් නටනවා.—Ethnomusicology, 1968 සැප්තැම්බර්, පිටුව 354.