Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික නිදහසට ගරු කරනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික නිදහසට ගරු කරනවද?

 කෙනෙක් කුමන ආගමේ හිටියත් “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියන බයිබල් උපදෙස අපි පිළිපදිනවා. (1 පේතෘස් 2:17) සමහර රටවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දහස් ගණනක් ඉන්නවා. නමුත් අනික් ආගමික කණ්ඩායම් තහනම් කරන්න කියලා හෝ ඒවා සීමා කරන්න කියලා හෝ අපි ආණ්ඩුවට බල කරන්නේ නැහැ. ඒ හා සම්බන්ධ නීති පනවන්න කියලා කියන්නේ නැහැ. අපි විශ්වාස කරන දේවල් අනික් අය විශ්වාස කරන්න ඕනේ කියලත් අපි පිළිපදින සදාචාර ප්‍රමිති අනික් අය පිළිපදින්න ඕනේ කියලා නීති දාන්න කියලත් අපි උද්ඝෝෂණ කරන්නේ නැහැ. අපි අනික් අයගේ ආගමික නිදහසට ගරු කරනවා. ඒ වගේම ඒ අයත් අපේ ආගමික නිදහසට ගරු කරනවාට අපි කැමතියි.—මතෙව් 7:12.