Skip to content

දෙවියන්ට නමක් තියෙනවද?

දෙවියන්ට නමක් තියෙනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 හැම කෙනෙකුටම නමක් තියෙනවා. ඉතින් දෙවියන්ටත් නමක් තියෙන්න ඕනේ කියලා ඔයාලා හිතන්නේ නැද්ද? කෙනෙක් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න එයාගේ නම දැනගන්න එක හරිම වැදගත්. දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න නම් ඔහුගේ නම දැනගන්න එක අත්‍යවශ්‍යයි.

 දෙවියන් ඔහුගේ නම මොකද්ද කියලා බයිබලයේ සඳහන් කරලා තියෙනවා. “මාගේ නාමය යෙහෝවාය.” (යෙසායා 42:8) දෙවියන්ට “සියලු බලැති දෙවි,” ‘විශ්වයේ පාලකයාණන්’ සහ “නිර්මාතෘ” වගේ පදවි නාම ගොඩක් තියෙනවා. නමුත් දෙවි කැමති අපි ඔහුගේ නම පාවිච්චි කරනවාටයි. ඔහු අපිට ගෞරව කරනවා කියලා ඒකෙන් පැහැදිලි වෙනවා.—උත්පත්ති 17:1; ක්‍රියා 4:24; 1 පේතෘස් 4:19.

 ගොඩක් බයිබල් පරිවර්තනවල නික්මයාම 6:3 දෙවියන්ගේ නම තියෙනවා. එතන කියන්නේ මෙහෙමයි. “මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද සියලු බලැති දෙවි ලෙස ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින් මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.”

 බොහෝ කාලයක ඉඳලා දෙවිගේ නම සිංහල භාෂාවෙන් උච්චාරණය කරන්නේ “යෙහෝවඃ” නැත්නම් “යෙහෝවා” කියලයි. දෙවියන්ව යාහ්වේ සහ යාහ් වගේ වචනවලින්ද හඳුන්වනවා කියලා සමහරු කිව්වත් බොහෝ කාලයක් පුරා ලෝකේ බොහෝදෙනෙක් පාවිච්චි කළේ යෙහෝවා යන නමයි. බයිබලයේ මුල් පොත් ලිව්වේ හෙබ්‍රෙව් භාෂාවෙන්. ඒ භාෂාව කියවන්නේ දකුණේ ඉඳලා වමටයි. හෙබ්‍රෙව් භාෂාවෙන් දෙවියන්ගේ නම ලිව්වේ יהוה විදිහටයි. ඒ අකුරු හතර ටෙට්‍රග්‍රැමටනය කියලා හඳුන්වනවා.